Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 7:13 - Sinhala Revised Old Version

13 මෙසේ නුඹලා භාරදී තිබෙන නුඹලාගේ නියෝගවලින් නුඹලා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකරන්නහුය. නුඹලා තවත් එබඳු බොහෝ දේ කරන්නහුයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මෙසේ කීමෙන්‍ ඔබ අතර පැවත එන ඔබේ ම සම්ප්‍රදායයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නහු ය. එවැනි තවත් දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 මෙලෙස නුඹලාම පවරනු ලබන නුඹලාගේ සම්ප්‍රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගු කරන නුඹලා තවත් මෙවැනි බොහෝ දෑ ද කරති” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මෙසේ කීමෙන් ඔබ අතර පැවත එන ඔබේ ම සම්ප්‍රදායයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නහු ය. එවැනි තවත් දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 7:13
14 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන්ට තවත් කථාකොට: නුඹලාගේ නියෝග පවත්වන පිණිස නුඹලා දෙවියන්වහන්සේගේ ආඥාව එපාකරන හැටි කදිමයි.


ඇදහිල්ලෙහි හරිලෙස සිටින පිණිස ඔවුන්ට තදින් තරවටුකරන්න.


මා විසින් මාගේ ව්‍යවස්ථාවේ කාරණා ඔහු උදෙසා දසදහස් ගණනකින් ලියතත්, ඒවා අන්‍ය කාරණයක් කොට සලකනු ලබන්නේය.


ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු! ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන්වීමක් නැත.


මක්නිසාද ඵරිසිවරුත් සියලු යුදෙව්වරුත් වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග රක්ෂාකරන බැවින් හොඳට අත් සෝදාගන මිස කන්නේ නැත.


මෙසේ නුඹලා නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකළහුය.


නුමුත් ඔහුට උපදින පුත්‍රයෙක් තමාගේ පියා කළ සියලු පාප දැක, භයවී,


වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි.


ඵරිසිවරුද ලියන්නෝද උන්වහන්සේට කථාකොට: ඔබගේ ගෝලයන් වැඩිමහල්ලන්ගේ නියෝග ලෙස නොහැසිර, අපවිත්‍රවූ අත්වලින් කෑම කන්නේ මක්නිසාදැයි ඇසුවෝය.


එතැන් පටන් ඔහුගේ පියාටවත් මවුටවත් උපකාරකරන්ට නුඹලා ඔහුට ඉඩදෙන්නේ නැත.


උන්වහන්සේ සමූහයා තමන් ළඟට නැවත කැඳවා කියනසේක්: නුඹලා සියල්ලෝම මාගේ වචනය අසා තේරුම්ගන්න.


මාගේ පියවරුන්ගේ පරම්පරාගත නියෝග ගැන අතිශයින් ජ්වලිතව සිටීමෙන්, මාගේ රටවැසියන් අතරේ මාගේ වයසේ බොහෝදෙනෙකුට වඩා යුදෙව්වරුන්ගේ ආගමේ වර්ධනයවුණෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්