Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 6:55 - Sinhala Revised Old Version

55 එහි වටකර රට මුළුල්ලේ දුවගොස්, උන්වහන්සේ සිටින බව ඇසූ ඇසූ තැන්වලට රෝගාතුරයන් යහන් පිටින් උසුලා ගෙනෙන්ට පටන්ගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

55 ඔව්හු ඒ අවට රට පුරා දිව ගොස්, උන් වහන්සේ යම් තැනකට ආ බව පතළ වී ද, එතැනට රෝගීන් යහන් පිටින් උසුලා ගෙනෙන්න පටන්ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

55 ඔවුහු මුළු පෙදෙස පුරා දුව ඇවිද, උන්වහන්සේ යම් තැනකට ගියායැයි සැල වූ හැම තැනකට, රෝගීන් සිටි යහන් පිටින් ඔවුන් රැගෙන ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

55 ඔව්හු ඒ අවට රට පුරා දිව ගොස්, උන් වහන්සේ යම් තැනකට ආ බව පතළ වී ද, එතැනට රෝගීන් යහන් පිටින් උසුලා ගෙනෙන්න පටන්ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 6:55
6 හුවමාරු යොමු  

උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.


ඔවුන් ඔරුවෙන් බැස්ස කෙණෙහිම මිනිස්සු උන්වහන්සේ හැඳින,


යම්කිසි ගමකට හෝ නුවරකට හෝ ජනපදයකට හෝ උන්වහන්සේ ඇතුල්වූසේක්ද, එතැන්හි ඔව්හු රෝගාතුරයන් කඩපිල්වල තබා, ඔවුන්ට උන්වහන්සේගේ සළුවේ දාවල්ලට පමණවත් අතගසන්ට ඉඩදෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. අතගැසූ සියල්ලන්ටම සුවය ලැබුණේය.


එහෙයින් පේතෘස් එන විට ඔහුගේ සෙවණැල්ල පමණවත් යම් රෝගියෙකු පිට වැටෙන පිණිස ඔව්හු ඔවුන් පිටත වීථිවලට ගෙනැවිත් ඇඳන්වලද යහන්වලද තැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්