Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 6:46 - Sinhala Revised Old Version

46 උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්වූ පසු, යාච්ඤාකරන පිණිස කන්දට ගියසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 උන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාච්ඤා කරනු වස් කන්දට නැඟුණු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

46 ඔවුන් පිටත්ව ගිය පසු, උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, කන්දට නැගුණු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 උන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාච්ඤා කරනු වස් කන්දට නැඟුණු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 6:46
9 හුවමාරු යොමු  

උදය පහන්වෙන්ට බොහෝ ප්‍රථමයෙන් උන්වහන්සේ නැගිට වනාන්තර ස්ථානයකට පිටත්ව ගොස්, එහිදී යාච්ඤාකළසේක.


නුමුත් නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාකදෙනසේක.


තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාච්ඤාකරන පිණිස කන්දකට ගොස් දෙවියන්වහන්සේට යාච්ඤාකරමින් මුළු රාත්‍රිය ගතකළසේක.


උන්වහන්සේ සමූහයන් යැවූ පසු, යාච්ඤාකරන පිණිස වෙන්ව කන්දට ගියසේක. සවස් වූ කල්හි උන්වහන්සේ එහි තනියම සිටිසේක.


එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධවිඳ, නුඹලා උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියසේක.


සවස්වූ කල ඔරුව මුහුද මැද තිබුණේය, උන්වහන්සේ වනාහි තනියම ගොඩ සිටිසේක.


මෙයින් පසු පාවුල් බොහෝ දවස් එහි නැවතී සිට, සහෝදරයන්ට ආයුබෝවන් කියා, තමා බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේදී හිසකේ බූගා, සිරියාවට යන්ට නැව් නැගුණේය, ප්‍රිස්කිලාද අකිලාද ඔහු සමඟ ගියෝය.


ඔවුන්ට ආචාරකොට: දෙවියන්වහන්සේ කැමතිසේක් නම් නුඹලා ළඟට නැවත එන්නෙමියි කියා එපීසයෙන් නැව් නැගුණේය.


මාගේ සහෝදරවූ තීතස් සම්බ නූවූ බැවින් මාගේ ආත්මයට කිසි පහසුවක් නොලැබ, ඔවුන්ගෙන් අවසරගෙන මම මකිදෝනියට පිටත්ව ගියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්