Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 6:38 - Sinhala Revised Old Version

38 නුඹලා ළඟ රොටි කීයක් තිබේද කියා ගොස් බලන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු දැනගත් කල: රොටි පහකුත් මසුන් දෙන්නෙකුත්යයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 “ඔබ ළඟ රොටි කීයක් තිබේ ද කියා ගොස් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු සොයා බලා අවුත්, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

38 එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “රොටි කීයක් ඔබ ළඟ තියෙනවා ද? ගොහින් බලන්නැ” යි පැවසූ සේක. ඔවුහු සොයා දැන, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 “ඔබ ළඟ රොටි කීයක් තිබේ ද කියා ගොස් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු සොයා බලා අවුත්, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 6:38
7 හුවමාරු යොමු  

නුඹලා ළඟ රොටි කීයක් තිබේදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.


යේසුස්වහන්සේ කථාකොට: නුඹලා ළඟ රොටි කීයක් තිබේදැයි ඇසූසේක. රොටි සතකුත් කුඩා මසුන් ස්වල්පයකුත්යයි ඔව්හු කීවෝය.


යව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටියි. නුමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය.


එහෙත් උන්වහන්සේ: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. අප ගොස් මේ මුළු සෙනඟට කෑම මිලදී ගත්තොත් මිස අප ළඟ රොටි පහකටත් මසුන් දෙදෙනෙකුටත් වඩා නැතැයි ඔව්හු කීවෝය.


නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. එවිට ඔව්හු: අප ගොස් මසු දෙසියයක රොටි මිලේටගෙන ඔවුන්ට කන්ට දෙන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් නිල් තණකොළ පිට හිඳුවන්ට ඔවුන්ට අණකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්