Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 6:23 - Sinhala Revised Old Version

23 ඔහුද: නුඹ මාගෙන් ඉල්ලන කොයිදෙයක් වුවත්, මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුවත්, නුඹට දෙමියි කියා ඈට දිවුරුම් දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 තවද, “ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, ඔබට දෙමි”යි ඔහු ඇයට දිවුරුම් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 තවද ඔහු දිවුරමින්, “ඔබ ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් භාගයක් වුවත් මා ඔබට දෙනවා” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 තවද, “ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, ඔබට දෙමි”යි ඔහු ඇයට දිවුරුම් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 6:23
10 හුවමාරු යොමු  

දෙවෙනි දවසෙත් මුද්‍රිකපාන මංගල්‍යයේදී රජ එස්තර්ට කථාකොට: එස්තර් බිසව, නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබේ; නුඹේ අයදුම මොකද? එය රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුවත් ඉෂ්ටකරනු ලැබේයයි කීය.


එකල රජ ඈට කථාකොට: එස්තර් බිසව, නුඹට ඕනෑ මොකද? නුඹේ අයදීම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් නුඹට දෙනු ලැබේයයි කීයේය.


රජතෙමේ මුද්‍රිකපාන මංගල්‍යයේදී එස්තර්ට කථාකොට: නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබෙන්නේය, නුඹේ අයදුම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් ඒක ඉෂ්ටකරනු ලැබේයයි කීවේය.


ඔබ බිම වැටී මට නමස්කාරකරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමියි උන්වහන්සේට කීවේය.


එහෙයින් ඈ ඉල්ලන මොන දෙයක් නුමුත් ඈට දෙන්ට දිවුරුමකින් ඔහු පොරොන්දුවූයේය.


නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්,


එවිට ඔහු: ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්ට හැරියොත් දෙවියන්වහන්සේ මටත් එසේමද ඊට වැඩියෙන්ද කරනසේක්වයි කීවේය.


ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේ කාරණය නිසා නුඹට කිසි දඬුවමක් නොවන්නේයයි සාවුල් ඈට කියා ස්වාමීන්වහන්සේ ගැන ඈට දිවුළේය.


ඈ පිටතට ගොස්: මා කුමක් ඉල්ලන්ටදැයි ඇගේ මවුගෙන් ඇසුවාය. යොහන් බව්තීස්තගේ හිසයයි ඈ කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්