Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 5:21 - Sinhala Revised Old Version

21 යේසුස්වහන්සේ නැවත ඔරුවෙන් එගොඩවූ කල මහත් සමූහයක් උන්වහන්සේ ළඟට රැස්වූවෝය. උන්වහන්සේද මුහුද ළඟ සිටිසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ජේසුස් වහන්සේ යළිත් ඔරුවෙන් එතෙර වූ කල මහා ජනකායක් උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ද මුහුදු වෙරළෙහි වැඩසිටි සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 යේසුස්වහන්සේ නැවත ඔරුවෙන් එතෙරට ආ කල, මහත් ජනකායක් උන්වහන්සේ වටා රොක් වූහ. උන්වහන්සේ මුහුදු වෙරළේ සිටියදී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ජේසුස් වහන්සේ යළිත් ඔරුවෙන් එතෙර වූ කල මහා ජනකායක් උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ද මුහුදු වෙරළෙහි වැඩසිටි සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 5:21
5 හුවමාරු යොමු  

එකල උන්වහන්සේ ඔරුවකට නැගී එගොඩවී තමන්ගේම නුවරට පැමිණිසේක.


නැවතත් උන්වහන්සේ මුහුද අද්දර උගන්වන්ට පටන්ගත්සේක. එකල ඉතා මහත් සමූහයක් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැගී වැඩහුන්සේක; මුළු සමූහයාද මුහුද ළඟ ගොඩ සිටියෝය.


ඔව්හු සමූහයා අත්හැර, උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමඟ උන්වහන්සේ ගෙනගියෝය. ඒ සමඟ වෙනත් ඔරුද තිබුණේය.


උන්වහන්සේ ඔරුවෙන් බැස්ස කෙණෙහිම අශුද්ධාත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සොහොන් ගෙවලින් පිටත්ව එනවා උන්වහන්සේට සම්බවිය.


යේසුස්වහන්සේ හැරී ආ කල සමූහයා උන්වහන්සේ පිළිගත්තෝය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ එනවා බලා සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්