Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 5:14 - Sinhala Revised Old Version

14 ඌරු රැකවල්ලු පලාගොස් නුවරත් ගම්වලත් එපවත් දැන්නුවෝය. එවිට සිදුවූ දේ කුමක්දැයි බලන පිණිස මනුෂ්‍යයෝ පිටත්ව ඇවිත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඌරු ගොවුවෝ පලා ගොස්, නුවර ද ගම්මානයේ ද එපවත් පතළ කළෝ ය. එවිට සිදුවූ දේ කුමක් දැ යි බලන පිණිස මිනිස්සු නික්ම ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 ඌරු පල්ලෝ වහා දුව ගොස්, නගරයේත්, ගමේත් මේ ගැන පතළ කළහ. කුමක් සිදු වීදැයි බලන්නට ජනයා ඇදී ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඌරු ගොවුවෝ පලා ගොස්, නුවර ද ගම්මානයේ ද එපවත් පතළ කළෝ ය. එවිට සිදුවූ දේ කුමක් දැ යි බලන පිණිස මිනිස්සු නික්ම ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 5:14
5 හුවමාරු යොමු  

ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.


ඌරු රැකවල්ලු පලාගොස් නුවරට පැමිණ ඒ සියල්ලත් යක්ෂාවේශවූවන්ට සිදුවූ දේත් කීවෝය.


උන්වහන්සේ ඔවුන්ට අවසරදුන්සේක. අශුද්ධාත්මයන් නික්ම ගොස් ඌරන්ට වැහුණු කල, දෙදහසක් පමණවූ ඒ ඌරු රැළ ප්‍රපාතය පහළට වේගයෙන් දුව ගොස් මුහුදේ වැටී ගිලී මළෝය.


යේසුස්වහන්සේ ළඟට පැමිණ, ලෙගියොන් නම් යක්ෂාවේශවූ මනුෂ්‍යයා වස්ත්‍ර හැඳ සිහි ඇතුව වාඩිවී ඉන්නවා දැක, භයවූවෝය.


ඌරු රැකවල්ලු සිදුවූ දේ දැක, පලාගොස්, නුවරත් ගම්වලත් එපවත් දැන්වුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්