Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 3:16 - Sinhala Revised Old Version

16 (ඔව්හු කවුරුද යත්:) උන්වහන්සේ විසින් පේතෘස්යයි නම්කළ සීමොන්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එසේ පත් කළ දොළොස් දෙනා කවුරු ද යත්: පේදුරු යයි උන් වහන්සේ නම් කළ සීමොන් ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 එසේ තෝරාගත් දොළොස් දෙනා: (උන්වහන්සේ පේතෘස් යන නම් තැබූ) සීමොන්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එසේ පත් කළ දොළොස් දෙනා කවුරු ද යත්: පේදුරු යයි උන් වහන්සේ නම් කළ සීමොන් ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 3:16
14 හුවමාරු යොමු  

ඔහු යේසුස්වහන්සේ ළඟට සීමොන් කැඳවාගෙන ආවේය. යේසුස්වහන්සේ ඔහු දෙස බලා: නුඹ යොහන්ගේ පුත්‍රවූ සීමොන්ය. නුඹට කේපස්ය කියනු ලබන්නේයයි කීසේක. (එහි අර්ථය නම් පේතෘස්ය.)‍


ඔව්හු ඇවිත් තමුන් නැවතී සිටි උඩුමහලට නැගුණෝය. ඔව්හු නම්: පේතෘස්ද යොහන්ද යාකොබ්ද අන්දෘද පිලිප් සහ තෝමස්ද බර්තොලොමෙව් සහ මතෙව්ද අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද ජ්වලිතයාවූ සීමොන්ද යාකොබ්ගේ පුත්‍රවූ යූදස්ද යනුය.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්:


අනික් ප්‍රේරිතයන්ද ස්වාමීන්වහන්සේගේ සහෝදරයන්ද කේපස්ද කරන්නාක්මෙන් ඇදහිලිවන්ත භාර්යාවක් කැඳවාගෙන හැසිරෙන්ට අපටත් අවසර නැද්ද?


පාවුල් හෝ අපොල්ලොස් හෝ කේපස් හෝ ලෝකය හෝ ජීවනය හෝ මරණය හෝ දැන් තිබෙන දේ හෝ මතු පැමිණෙන දේ හෝ සියල්ල නුඹලාගේය;


ඉඳින් මාගේ තේරුම නම්, නුඹලා එක් එක්කෙනා: මම පාවුල්ගේය; මම අපොල්ලොස්ගේය; මම කේපස්ගේය; මම ක්‍රිස්තුස්වහන්සේගේයයි කියන බවය.


උන්වහන්සේ ගලීලයේ මුහුද අද්දර යද්දී, මසුන් අල්ලන්නන්වූ සීමොන්ද සීමොන්ගේ සහෝදරවූ අන්දෘද මුහුදේ දැලක් හෙළනවා දැක:


යක්ෂයන් දුරු කිරීමේ බලය දරන පිණිසත්, දොළොස්දෙනෙකු නියමකළසේක.


ගර්ජනාවේ පුත්‍රයෝය යන අර්ථය ඇති බොවනර්ගස්යයි උන්වහන්සේ විසින් නම් තබනලද සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ද,


පහන්වූ කල උන්වහන්සේ තමන්ගේ ගෝලයන් කැඳවා ඔවුන්ගෙන් දොළොස් දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට ප්‍රේරිතයෝයයි නම් තැබූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්