Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 15:43 - Sinhala Revised Old Version

43 ගරුතර මන්ත්‍රියෙක්වූ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන බලා සිටියාවූ අරිමාතියේ යෝසෙප් ඇවිත්, ධෛර්යගෙන පිලාත් ළඟට ගොස්, යේසුස්වහන්සේගේ මිනිය ඉල්ලුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකු වන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන අපේක්ෂාවෙන් සිටි, අරිමාතියේ ජෝසෙප් එහි පැමිණ, ධෛර්ය ගෙන, පිලාත් වෙත ගොස් ජේසුස් වහන්සේගේ මෘත දේහය ඉල්ලා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

43 උසස් මන්ත්‍රණ සභිකයකු වූ අරමාතියේ යෝසෙප්, එඩිතරව පිලාත් වෙත ගොස් යේසුස්වහන්සේගේ දේහය ඉල්ලා සිටියේ ය. ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලා සිටි කෙනකු ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකු වන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන අපේක්ෂාවෙන් සිටි, අරිමාතියේ ජෝසෙප් එහි පැමිණ, ධෛර්ය ගෙන, පිලාත් වෙත ගොස් ජේසුස් වහන්සේගේ මෘත දේහය ඉල්ලා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 15:43
16 හුවමාරු යොමු  

ඈද ඒ පැයෙහිම ඇවිත් දෙවියන්වහන්සේට ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය.


බලව, යෙරුසලමෙහි සිමියොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය; මේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල්ගේ සැනසීම බලා සිටියාවූ ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ කෙනෙක්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු කෙරෙහිවූසේක.


ඔවුන්ගේ මන්ත්‍රණයටද ක්‍රියාවටද එකඟ නූණාවූ, සත්පුරුෂවූ, ධර්මිෂ්ඨවූ, යුදෙව්වරුන්ගේ නුවරක් වන අරිමාතියේවූ යෝසෙප් නම් මනුෂ්‍යයෙක්,


එහෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ග්‍රීක් කුල ස්ත්‍රීන් හා පුරුෂයන්ගෙන් කීපදෙනෙක්ද අදහාගත්තෝය.


ඉන්පසු යුදෙව්වරුන්ට භය නිසා රහසින් යේසුස්වහන්සේගේ ගෝලයෙක්ව සිටියාවූ අරිමාතියේ යෝසෙප් යේසුස්වහන්සේගේ මිනිය ගෙනයන පිණිස පිලාත්ගෙන් ඉල්ලුවේය, පිලාත් අවසර දුන්නේය. එහෙයින් ඔහු ඇවිත් යේසුස්වහන්සේගේ මිනිය ගෙනගියේය.


සවස්වූ කල යේසුස්වහන්සේගේ ගෝලයෙක්ව සිටිය යෝසෙප් නම් වස්තුකාර මනුෂ්‍යයෙක් අරිමාතියේ සිට ඇවිත්,


ස්වාමීන්වහන්සේ තුළවූ සහෝදරයන්ගෙන් වැඩිදෙනාද මාගේ බැඳුම් නිසා ධෛර්ය ලැබ, දෙවියන්වහන්සේගේ වචනය භය නැතුව කියාදෙන්ට ඉතා වැඩිලෙස නිර්භීතවී සිටිති.


නුමුත් යුදෙව්වරු භක්තිවන්ත කුල ස්ත්‍රීන්ද නුවර ප්‍රධානීන්ද පොලඹවා, පාවුල් සහ බාර්ණබස්ට විරුද්ධව පීඩාවක් උපදවා, තමුන්ගේ සීමාවලින් ඔවුන් පිටතට ලූවෝය.


පේතෘස් දුරින් උන්වහන්සේ පස්සේ උත්තම පූජකයාගේ මළුව දක්වා ගොස්, එහි ඇතුළේ සේවකයන් සමඟ ඉඳගන ගිනිතපිමින් හුන්නේය.


මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝද ප්‍රථමයෝ අන්තිමයෝද වන්නෝයයි කීසේක.


නුමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි කීසේක.


පිලාත් උන්වහන්සේ එපමණ ඉක්මනට නැසුණු බවට පුදුමවී, සියයකට මුලාදෑනියා කැඳවා, උන්වහන්සේ මැරී බොහෝවේලා ගියේදැයි ඇසුයේය.


බලව, මන්ත්‍රියෙක්ව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන බලාසිටියාවූ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්