Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 14:53 - Sinhala Revised Old Version

53 ඔව්හු යේසුස්වහන්සේ උත්තම පූජකයා වෙතට ගෙනගියෝය. සියලු නායක පූජකයෝද වැඩිමහල්ලෝද ලියන්නෝද ඔහු සමඟ රැස්වුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

53 ඔව්හු ජේසුස් වහන්සේ උත්තම පූජකයා වෙත ගෙන ගියහ. සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද විනයධරයෝ ද එහි රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

53 ඔවුහු උත්තම පූජකයා වෙත යේසුස්වහන්සේ ගෙන ගියහ. සියලු නායක පූජකවරු, වැඩිහිටියෝ හා දහම් පඬිවරු එහි රැස් වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

53 ඔව්හු ජේසුස් වහන්සේ උත්තම පූජකයා වෙත ගෙන ගියහ. සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද විනයධරයෝ ද එහි රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 14:53
9 හුවමාරු යොමු  

උන්වහන්සේට පීඩාකළ විට, උන්වහන්සේ යටත්වී තමන්ගේ මුඛය නෑර සිටිසේක; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නෑර සිටිසේක.


එකල නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද කායාඑස් නම් උත්තම පූජකයාගේ ශාලාවට එකතුව,


නුමුත් ඔහු හණ රෙද්ද අත්හැර, නග්නව පලාගියේය.


පහන්වූ කෙණෙහිම නායක පූජකයෝ වැඩිමහල්ලන්ද ලියන්නන්ද මුළු මන්ත්‍රණ සභාවද සමඟ මන්ත්‍රණයක් පවත්වා, යේසුස්වහන්සේ බැඳගෙන ගොස් පිලාත්ට භාරදුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්