Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 14:48 - Sinhala Revised Old Version

48 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

48 ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන්‍ කඩු මුගුරු ගෙන මා අල්ලන්න ආවාහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

48 ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “සොරෙකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

48 ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්න ආවාහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 14:48
7 හුවමාරු යොමු  

මාගේ ස්වාමියා තමාගේ මෙහෙකරුවා පස්සේ එළවාගන එන්නේ මක්නිසාද? මා කළේ මොකද? මා අත තිබෙන දෝෂය මොකද?


ඒ පැයේදී යේසුස්වහන්සේ සමූහයන්ට කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද? මා දේවමාළිගාවේ උගන්වමින් දවස්පතා හිඳිද්දී නුඹලා මා ඇල්ලුවේ නැත.


උන්වහන්සේ කථාකරද්දීම, බලව, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් හා සෙනඟගේ වැඩිමහල්ලන් කෙරෙන් කඩු මුගුරු ගත් මහත්වූ සමූහයක්ද ආවෝය.


ළඟ සිටියවුන්ගෙන් එක්කෙනෙක් කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාදැමීය.


මම දේව මාළිගාවේ උගන්වමින් දවස්පතා නුඹලා සමඟ සිටියෙමි, නුඹලා මා ඇල්ලුවේ නැත. නුමුත් ලියවිලි සම්පූර්ණවෙන පිණිස මෙසේ සිදුවීයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්