Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 14:16 - Sinhala Revised Old Version

16 ගෝලයෝ ගොස්, නුවරට පැමිණ, උන්වහන්සේ ඔවුන්ට කී ලෙසම සම්බව, පාස්කුව පිළියෙළකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ශ්‍රාවකයෝ පිටත් ව නුවරට ගියහ. උන් වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ල ම සම්බ විය; ඔව්හු ද පාස්කු භෝජනය පිළියෙළ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 ගෝලයෝ පිටත්ව, නගරයට පිවිස, උන්වහන්සේ කී පරිදි සම්භ වූයෙන්, පාස්කුව එහි පිළියෙල කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ශ්‍රාවකයෝ පිටත් ව නුවරට ගියහ. උන් වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ල ම සම්බ විය; ඔව්හු ද පාස්කු භෝජනය පිළියෙළ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 14:16
6 හුවමාරු යොමු  

තවද මා විසින් මේ දේවල් නුඹලාට කීවේ ඒවායේ කාලය පැමිණි කල මා ඒවා කී බව නුඹලාට මතක්වෙන පිණිසය. මේ දේවල් පටන්ගැන්මේ සිට නුඹලාට නොකීවේ මා නුඹලා සමඟ සිටි නිසාය.


ඔව්හු ගොස්, උන්වහන්සේ කී ලෙස සම්බව, පාස්කුව පිළියෙළකළෝය.


උන්වහන්සේ ඔවුන්ට කථාකොට: පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් නැතුව මා නුඹලා යැවූ කල නුඹලාට කිසිවක් හිඟවීදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නැතැයි ඔව්හු කීවෝය.


එවිට සූදානම්ව පිළියෙළකර තිබෙන මහත් උඩුමහලක් ඔහුම නුඹලාට පෙන්වන්නේය. එහි අපට පිළියෙළකරන්නැයි කීසේක.


සවස්වූ කල උන්වහන්සේ දොළොස්දෙනා සමඟ ආසේක.


මමද මට අණකළ ලෙසම කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතටගෙන, සවස මාගේ අතින් භිත්තිය හාරා, අඳුරුවූ කල්හි ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්