Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 13:36 - Sinhala Revised Old Version

36 මක්නිසාද ඔහු එන්නේ කොයි වේලේද එනම් සවසද මධ්‍යම රාත්‍රියේ ද කුකුළා හඬලන වේලේද අලුයමදැයි නුඹලා නොදන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 ඔහු හදිසියෙන් අවුත් ඔබ නිදා හිඳිනු නොදක්නා පිණිස, අවදි ව සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

36 ඔහු හදිසියේම පැමිණ, ඔබ නිදා සිටිනු දකින්නට නො ලැබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 ඔහු හදිසියෙන් අවුත් ඔබ නිදා හිඳිනු නොදක්නා පිණිස, අවදි ව සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 13:36
14 හුවමාරු යොමු  

උන්වහන්සේ නැවත හැරී ඇවිත්, ඔවුන් නිදාඉන්නවා දුටුසේක, මක්නිසාද ඔවුන්ගේ ඇස් ඉතා නිදිබරව තිබුණේය; උන්වහන්සේට මොන උත්තරයක් දෙන්ටදැයි ඔව්හු නොදැන සිටියෝය.


එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.


මනමාලයාගේ ඊම ප්‍රමාදවූ කල ඒ සියල්ලෝම නිදිබරව නිදාගත්තෝය.


උන්වහන්සේ ඇවිත් ඔවුන් නිදාඉන්නවා දැක, පේතෘස්ට කථාකොට: සීමොන්, නුඹ නිදාඉන්නවාද? නුඹට එක පැයක් අවදිව ඉන්ට බැරිවුණ ද?


ඔහුගේ මුරකාරයන් සියල්ලෝම අන්ධව, දැනගැන්ම නැතුව සිටිති; සියල්ලෝම බුරන්ට බැරි ගොළු බල්ලෝය; ඔව්හු හීන දකිති, ලැග හිඳිති, නිදා ඉන්ට කැමැත්තෝය.


එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.


උන්වහන්සේ යාච්ඤාවෙන් නැගිට, ගෝලයන් ළඟට ඇවිත්, ඔවුන් ශෝකයෙන් නිදාඉන්නවා දැක:


මම නිදාගෙන සිටියෙම් නුමුත් මාගේ සිත පිබිද තිබුණේය. අන්න මාගේ ප්‍රේමවන්තයා තට්ටුකරන ශබ්දයය: මාගේ සහෝදරිය, මාගේ සොඳුරිය, මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, මට දොර අරින්න. මක්නිසාද මාගේ හිස පින්නෙනුත් මාගේ කෙස් රොද රෑ පිනිබින්දුවලිනුත් පෙඟී තිබේයයි කීවේය.


රාත්‍රියෙහි මාගේ යහනේදී මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා සෙවීමි. ඔහු සෙවු නුමුත් මට සම්බවුණේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්