Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 13:3 - Sinhala Revised Old Version

3 උන්වහන්සේ දේවමාළිගාව ඉදිරියෙහි ඔලීව කන්දේ වැඩහුන් කල පේතෘස්ද යාකොබ්ද යොහන්ද අන්දෘද රහසින් උන්වහන්සේට කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 උන් වහන්සේ දේව මාලිගාව ඉදිරියෙහි වූ ඔලීව කන්දේ වැඩහුන් කල පේදුරු ද ජාකොබ් ද ජොහන් ද ඇන්ඩෘ ද පෞද්ගලික ව උන් වහන්සේට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 උන්වහන්සේ දේව මාලිගය ඉදිරියේ ඔලීව කන්දේ වාඩි වී සිටියදී, පේතෘස්, යාකොබ්, යොහන් හා අන්දෘ උන්වහන්සේට පුද්ගලිකව කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 උන් වහන්සේ දේව මාලිගාව ඉදිරියෙහි වූ ඔලීව කන්දේ වැඩහුන් කල පේදුරු ද ජාකොබ් ද ජොහන් ද ඇන්ඩෘ ද පෞද්ගලික ව උන් වහන්සේට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 13:3
13 හුවමාරු යොමු  

උපමාවක් නැතුව උන්වහන්සේ ඔවුන්ට කථානොකළසේක. නුමුත් උන්වහන්සේ තමන්ගේම ගෝලයන්ට සියල්ල රහසේ තොරාදුන්සේක.


ඔවුන් යෙරුසලමට ළංව ඔලීව කන්දට සමීපවූ බෙත්පාගයට පැමිණි කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනෙකු යවමින්:


උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද තමන් සමඟ කැඳවාගෙන ගොස්, බොහෝසෙයින් විස්මපත්වෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන් ගත්සේක.


සෙබදීගේ පුත්‍රයෝවූ යාකොබ්ද යොහන්ද උන්වහන්සේ ළඟට ඇවිත්: ආචාරිනි, අප ඉල්ලන්නාවූ කොයිදෙයක් නුමුත් ඔබ අපට කරදෙනවාට අපි කැමැත්තෙමුයයි කීවෝය.


සදවසකට පසු යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද පමණක් වෙන්කොට, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙනගියසේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක් වූසේක.


උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යාකොබ්ගේ සහෝදරවූ යොහන්ද හැර වෙන කාටවත් තමන් සමඟ එන්ට නොදී,


උන්වහන්සේ ඔලීව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත්: ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබවහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දැයි අපට කිව මැනවයි කීවෝය.


සදවසකට පසු යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද පමණක් කැඳවාගෙන උස්වූ කන්දකට වෙන්ව ගියසේක.


එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය.


එවිට ගෝලයෝ ඇවිත්: ඔබවහන්සේ ඔවුන්ට උපමාවලින් කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවෝය.


ඒ දේ කොයි කලක සිද්ධවන්නේද? ඒ සියල්ල සිද්ධවන්ට යන කල ඊට ලකුණ කිමෙක්ද කියා අපට කිව මැනවයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්