මාක් 12:32 - Sinhala Revised Old Version32 එවිට ලියන්නා: ආචාරීන්වහන්ස, සැබවින් උන්වහන්සේ එකම තැනන්වහන්සේයයි ඔබ හරිලෙස කීයෙහිය; උන්වහන්සේ හැර වෙන කිසි දෙවිකෙනෙක් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version32 එවිට විනයධරයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ගුරුදේවයෙනි, එය සැබෑ ය. ‘උන් වහන්සේ එක ම තැනැන් වහන්සේ ය’යි ඔබ කීවා හරි ය. උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙක් නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය32 එවිට දහම් පඬිවරයා, “ඔබ කීවා හරි ගුරුතුමනි; උන්වහන්සේ එකම තැනැන්වහන්සේ ය; උන්වහන්සේ හැර අන් කෙනෙක් නැතැයි ඔබ කීවා සැබෑ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 එවිට විනයධරයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ගුරුදේවයෙනි, එය සැබෑ ය. ‘උන් වහන්සේ එක ම තැනැන් වහන්සේ ය’යි ඔබ කීවා හරි ය. උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙක් නැත. පරිච්ඡේදය බලන්න |
ස්වාමීන්වහන්සේ කියනසේක්: මිසරයේ සම්පත්ද කූෂ්හි ලාභයද උස ඇති මනුෂ්‍යයෝවූ ෂෙබාවරුද නුඹ වෙතට පැමිණ නුඹට අයිතිවන්නෝය; ඔව්හු නුඹ පස්සේ එන්නෝය; ඔව්හු දම්වැල් සහිතව නුඹ වෙතට පැමිණ නුඹට වැඳ: සැබවින්ම නුඹ වෙත දෙවියන්වහන්සේ සිටිනසේක; උන්වහන්සේ ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැතැයි කියමින් නුඹට කන්නලව්කරන්නෝයයි කියනසේක.