Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 12:19 - Sinhala Revised Old Version

19 ආචාරිනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ තමාගේ භාර්යාව සිටියදී මළොත් ඔහුගේ සහෝදරයා ඔහුගේ භාර්යාව පාවාගෙන තමාගේ සහෝදරයා නමට දරුවන් ඉපදවිය යුතුයයි මෝසෙස් විසින් අපට ලියාදී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 “ගුරුදේවයෙනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ, සිය භාර්යාව ජීවත් ව සිටිය දී මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ ස්ත්‍රිය පාවාගෙන සිය සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු ය යි මෝසෙස් විසින් අපට අණ දී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 “ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, යමකුගේ සහෝදරයකු තම භාර්යාව ජීවත්ව සිටියදී දරු පල නො ලැබ මළොත්, ඒ මිනිසා එම වැන්දඹුව ආවාහ කරගෙන තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු වගයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 “ගුරුදේවයෙනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ, සිය භාර්යාව ජීවත් ව සිටිය දී මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ ස්ත්‍රිය පාවාගෙන සිය සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු ය යි මෝසෙස් විසින් අපට අණ දී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 12:19
6 හුවමාරු යොමු  

එවිට බෝවස්: නායොමි අතින් ඒ බිම මිලේට ගන්නා දවසේදී, මැරුණු අයගේ නම උරුමය කෙරෙහි පවතින පිණිස මැරුණු අයගේ භාර්යාවවූ මෝවබිය රූත්ගෙනුත් ඒක මිලේට ගන්ට ඕනෑයයි කීවාය.


යූදා ඕනාන්ට කථාකොට: නුඹේ සහෝදරයාගේ භාර්යාව වෙත පැමිණ මළ සහෝදරයා වෙනුවට ඈ පාවාගැනීමෙන් නුඹේ යුතුකම ඉෂ්ටකර නුඹේ සහෝදරයාට වංශයක් උපදවන්නැයි කීයේය.


සහෝදරයෝ සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවක් පාවා ගෙන දරුවන් නොලැබ මැරුණේය;


සත්දෙනාම ඈ සරණපාවාගත් බැවින්, නැවත-නැගිටීමේදී ඈ ඔවුන්ගෙන් කාගේ භාර්යාව වන්නීදැයි ඇසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්