Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 10:46 - Sinhala Revised Old Version

46 ඔව්හු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත් සමූහයක් සමඟ යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමේයුස්ගේ පුත්‍රවූ බර්තිමේයුස් නම් අන්ධවූ හිඟන්නෙක් පාර අයිනේ ඉඳගන උන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 ඔව්හු ජෙරිකෝවට පැමිණියෝ ය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් හා මහා සමූහයක් ද සමඟ ජෙරිකෝවෙන් නික්ම යන කල, තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ හිඟන්නෙක් පාර අද්දර වාඩි වී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

46 ඔවුහු යෙරිකෝවට පැමිණියහ. උන්වහන්සේ තම ගෝලයින් හා විශාල පිරිසක් කැටිව නගරයෙන් නික්ම යන අතර, තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ සිඟන්නෙක් පාර අයිනේ හිඳ සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 ඔව්හු ජෙරිකෝවට පැමිණියෝ ය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් හා මහා සමූහයක් ද සමඟ ජෙරිකෝවෙන් නික්ම යන කල, තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ හිඟන්නෙක් පාර අද්දර වාඩි වී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 10:46
9 හුවමාරු යොමු  

තවද උන්වහන්සේ යෙරිකෝව ළඟට පැමිණි කල, එක්තරා අන්ධයෙක් සිඟමින් පාර අයිනේ ඉඳගන උන්නේය.


එබැවින් අසල්වාසියෝද ඔහු සිඟන්නෙක්ව සිටි බව පෙර දුටු අයද කථාකොට: ඉඳගෙන සිඟමන් ඉල්ලූ තැනැත්තා මොහු නොවේදැයි කීවෝය.


තවද හිඟන්නා නැසී, දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ළැපැත්තට ගෙනයනලද්දේය. ධනවතාත් නැසී, තැන්පත්කරනලද්දේය.


වණවලින් ගැවසීගත් ලාසරුස් නම් එක්තරා හිඟන්නෙක් ධනවතාගේ දොරටුව ළඟ තබනලද්දේය.


ඔහු වපුරන කල්හි සමහර බීජ මග අසල වැටුණේය, පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය.


උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්