Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 10:39 - Sinhala Revised Old Version

39 අපට පුළුවනැයි ඔව්හු උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: මා බොන කුසලානෙන් නුඹලා බොන්නහුය; මා ලබන බව්තීස්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 “අපට හැකිය”යි ඔව්හු උන් වහන්සේට කී හ. ජේසුස් වහන්සේ ද, “මා බොන කුසලානෙන් ඔබත් බොනු ඇත. මා ලබන බව්තීස්ම-ස්නාපනයෙන් ඔබත් බව්තීස්ම-ස්නාපනය ලබනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

39 “අපට පුළුවනැ” යි ඔවුහු උන්වහන්සේට කීහ. යේසුස්වහන්සේ ඔවුන් අමතා, “මා බොන්නාවූ කුසලානෙන් ඔබත් බොනු ඇත. මා බව්තීස්ම කරනු ලබන්නා වූ බව්තීස්මයෙන් ඔබත් බව්තීස්ම ලබනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 “අපට හැකිය”යි ඔව්හු උන් වහන්සේට කී හ. ජේසුස් වහන්සේ ද, “මා බොන කුසලානෙන් ඔබත් බොනු ඇත. මා ලබන බව්තීස්ම-ස්නාපනයෙන් ඔබත් බව්තීස්ම-ස්නාපනය ලබනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 10:39
10 හුවමාරු යොමු  

නුඹලාගේ සහෝදරයාද, යේසුස්වහන්සේ තුළ පීඩා විඳීමෙහිත් රාජ්‍යයෙහිත් ඉවසීමෙහිත් පංගුකාරයාද වූ යොහන් නම් මම, දෙවියන්වහන්සේගේ වචනයද යේසුස්වහන්සේගේ සාක්ෂියද නිසා පත්මොස් නම් දිවයිනෙහි සිටියෙමි.


ඔහු යොහන්ගේ සහෝදරවූ යාකොබ් කඩුවෙන් මැරුවේය.


දැන් මම නුඹලා උදෙසා විඳින දුක් ගැන ප්‍රීතිව, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා, උන්වහන්සේගේ දුක්වලින් අඩුව තිබෙන ඒවා මාගේ මාංසයෙන් සම්පූර්ණකරමි.


මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛරවුණෝය.


දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි නුඹලාට මා කී වචනය සිහිකරන්න. ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය; මාගේ වචනය රක්ෂාකළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂාකරන්නෝය.


පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, දැන්ම ඔබ අනුව මට එන්ට බැරි මක්නිසාද? ඔබ නිසා මාගේ ජීවිතය දෙමියි කීවේය.


අබ්බා පියාණෙනි, ඔබට සියල්ලම පුළුවන; මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේ වී නුමුත් මා කැමති දේ නොව ඔබ කැමති දේ වේවයි කීසේක.


නුමුත් ඔහු: මට ඔබවහන්සේ සමඟ නසින්ට වෙතත්, ඔබ නාඳුනමියි කියන්නේ නම් තැතැයි ඉතා තදලෙස කීවේය. ඔවුන් සියල්ලෝද එසේම කීවෝය.


ගෝලයා තමාගේ ගුරුවරයා මෙන්ද දාසයා තමාගේ ස්වාමියා මෙන්ද වුණොත් ඔවුන්ට ඇත. ඔව්හු ගෙයි ස්වාමියාට බෙල්ශෙබුබ්යයි කීවෝ නම් ඔහුගේ ගෙයි වැසියන්ට කොපමණ වැඩියෙන් නොකියත්ද?


තමුන්ගේ පව් කියාදෙමින්, යොර්දාන් ගංගාවෙහි ඔහුගෙන් බව්තීස්මය ලැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්