Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 10:35 - Sinhala Revised Old Version

35 සෙබදීගේ පුත්‍රයෝවූ යාකොබ්ද යොහන්ද උන්වහන්සේ ළඟට ඇවිත්: ආචාරිනි, අප ඉල්ලන්නාවූ කොයිදෙයක් නුමුත් ඔබ අපට කරදෙනවාට අපි කැමැත්තෙමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, අප ඉල්ලන දේ ඔබ අපට ඉටුකර දෙන සේක් නම් අපි කැමැත්තෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

35 සෙබදීගේ පුත්‍රයින් වූ යාකොබ් හා යොහන් උන්වහන්සේ වෙත පැමිණ, “ගුරුතුමනි, ඔබගෙන් අප ඉල්ලන කවර දෙයක් වුව ඔබ අපට කර දෙනවාට කැමැත්තෙමු” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, අප ඉල්ලන දේ ඔබ අපට ඉටුකර දෙන සේක් නම් අපි කැමැත්තෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 10:35
10 හුවමාරු යොමු  

උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද තමන් සමඟ කැඳවාගෙන ගොස්, බොහෝසෙයින් විස්මපත්වෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන් ගත්සේක.


උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යාකොබ්ගේ සහෝදරවූ යොහන්ද හැර වෙන කාටවත් තමන් සමඟ එන්ට නොදී,


එවිට ඈ: මම එක සුළු ඉල්ලීමක් නුඹෙන් ඉල්ලමි; එය නොදී නොසිටිය මැනවිය කීවාය. රජද: මාගේ මෑණියනි, ඉල්ලුමැනවි; මම එය නුඹට නොදී නොසිටින්නෙමියි ඈට කීවේය.


ඉතින් මම එක ඉල්ලීමක් නුඹෙන් ඉල්ලා සිටිමි, ඒක ඉෂ්ට නොකර නොසිටින්නැයි කීවේය. ඈද: කියන්නැයි ඔහුට කීවාය.


සදවසකට පසු යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද පමණක් වෙන්කොට, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙනගියසේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක් වූසේක.


උන්වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙක් වන සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද තමුන්ගේ පියවූ සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් හරිගස්සනවා දැක, ඔවුන්ට අඬගැසූසේක.


මා විසින් නුඹලාට කුමක් කරදෙනවාට නුඹලා කැමැත්තහුදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්