Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 10:26 - Sinhala Revised Old Version

26 ඔව්හු අතිශයින් මවිතවී: එසේ නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි උන්වහන්සේට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඔව්හු අතිශයින් මවිත වී, “එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඔවුනොවුන් අතර කියාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 මින් වඩාත් විස්මිත වූ ඔවුහු ඔවුනොවුන්ට කතා කරමින්, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඔව්හු අතිශයින් මවිත වී, “එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඔවුනොවුන් අතර කියාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 10:26
9 හුවමාරු යොමු  

ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය.


ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝද? මම වැඩිවශයෙන් එසේයයි සිහිමුළාවූ කෙනෙකු මෙන් කියමි. එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යාමෙනුත්, අප්‍රමාණලෙස පහරකෑමෙනුත්, බොහෝ වර මරණ උපද්‍රවයෙනුත් යන මේවායින්ය.


තවද ඔව්හු අප්‍රමාණලෙස මවිතව: උන්වහන්සේ සියල්ල යහපත්ලෙස කළසේක. උන්වහන්සේ බිහිරන්ට පවා ඇසෙන්ටත් ගොළුවන්ට කථාකරන්ටත් සලස්වනසේකැයි කීවෝය.


ඔවුන් වෙතට ගොස් ඔරුවට නැගුණුසේක; එකල සුළඟ නැවතුණේය. ඔව්හු තමුන් තුළ අතිශයින් විස්මපත්වූවෝය;


ඒ ඇසූ අය: එසේවී නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය.


එක් කෙනෙක් කථාකොට: ස්වාමිනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්:


ධනවන්තයෙකු ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉදිකටු සිදුරෙන් ඔටුවෙකුට යන්ට පහසුයයි කීසේක.


යේසුස්වහන්සේ ඔවුන් දෙස බලා: මනුෂ්‍යයන්ට නම් නුපුළුවන, නුමුත් දෙවියන්වහන්සේට එසේ නොවේය. මක්නිසාද දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්