Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 1:44 - Sinhala Revised Old Version

44 නුඹ ගොස් ඔවුන්ට සාක්ෂි පිණිස පූජකයාට පෙනී, නුඹේ පවිත්‍රවීම ගැන මෝසෙස් විසින් අණකළ දේවල් පූජාකරන්න කියා එකෙණෙහිම ඔහු යැවූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 “යන්න, පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න; මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍රවීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න” කියා ඔහු වහා පිටත් කර යැවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

44 “කිසිවකුටත් මේ ගැන කිසිවක් නො කියන්නට වගබලා ගන්න; එහෙත් ගොසින්, පූජකයා ඉදිරියේ පෙනී සිට, ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔබේ පවිත්‍ර වීම පිළිබඳව මෝසෙස් නියම කළ දෑ ඔප්පු කරන්නැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 “යන්න, පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න; මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍රවීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න” කියා ඔහු වහා පිටත් කර යැවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 1:44
9 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන් දැක: නුඹලා ගොස් පූජකයන්ට පෙනීසිටින්නැයි කීසේක.


යේසුස්වහන්සේ කථාකොට: කාටවත් නොකියන්ට බලාගන්න; නුමුත් ඔවුන්ට සාක්ෂි පිණිස ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ පඬුර ඔප්පුකරන්නැයි ඔහුට කීසේක.


ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.


මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.


කාටවත් එය නොකියන්ට උන්වහන්සේ ඔහුට අණකොට: නුඹ ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ දේවල් ඔවුන්ට සාක්ෂි පිණිස නුඹේ පවිත්‍රවීම සඳහා ඔප්පුකරන්නැයි කීසේක.


උන්වහන්සේ: කිසිවෙකුට කිසිවක් නොකියන්ට බලාගන්නැයි ඔහුට තදින් අණකොට–


එවිට අධිපතියා: නුඹ මේ දේවල් මට දැන්නූ බව කාටවත් කියන්ට එපායයි අණකොට යෞවනයා යන්ට හැරියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්