Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 1:19 - Sinhala Revised Old Version

19 උන්වහන්සේ එතැනින් මදක් දුර ගොස්, සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද ඔරුවේ හිඳ දැල් අලුත්කරනවා දැක,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 මද දුරක් ගිය කල සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් දැල් අලුත්වැඩියා කරමින්, ඔවුන්ගේ ඔරුවේ හිඳිනු දුටු උන්වහන්සේ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 1:19
11 හුවමාරු යොමු  

ඔහු යොහන්ගේ සහෝදරවූ යාකොබ් කඩුවෙන් මැරුවේය.


ඔව්හු ඇවිත් තමුන් නැවතී සිටි උඩුමහලට නැගුණෝය. ඔව්හු නම්: පේතෘස්ද යොහන්ද යාකොබ්ද අන්දෘද පිලිප් සහ තෝමස්ද බර්තොලොමෙව් සහ මතෙව්ද අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද ජ්වලිතයාවූ සීමොන්ද යාකොබ්ගේ පුත්‍රවූ යූදස්ද යනුය.


උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද තමන් සමඟ කැඳවාගෙන ගොස්, බොහෝසෙයින් විස්මපත්වෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන් ගත්සේක.


සෙබදීගේ පුත්‍රයෝවූ යාකොබ්ද යොහන්ද උන්වහන්සේ ළඟට ඇවිත්: ආචාරිනි, අප ඉල්ලන්නාවූ කොයිදෙයක් නුමුත් ඔබ අපට කරදෙනවාට අපි කැමැත්තෙමුයයි කීවෝය.


සදවසකට පසු යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද පමණක් වෙන්කොට, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙනගියසේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක් වූසේක.


උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යාකොබ්ගේ සහෝදරවූ යොහන්ද හැර වෙන කාටවත් තමන් සමඟ එන්ට නොදී,


ගර්ජනාවේ පුත්‍රයෝය යන අර්ථය ඇති බොවනර්ගස්යයි උන්වහන්සේ විසින් නම් තබනලද සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ද,


උන්වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙක් වන සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද තමුන්ගේ පියවූ සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් හරිගස්සනවා දැක, ඔවුන්ට අඬගැසූසේක.


එකෙණෙහිම ඔව්හු දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියෝය.


එකෙණෙහිම ඔවුන්ට අඬගැසූසේක. ඔව්හුද තමුන්ගේ පියවූ සෙබදී වැඩකාරයන් සමඟ ඔරුවේ ඉන්ට හැර උන්වහන්සේ පස්සේ ගියෝය.


සීමොන් පේතෘස්ද දිදිමුස් නම් තෝමස්ද ගලීලයේ කානා නුවර නතානියෙල්ද සෙබදීගේ පුත්‍රයෝද උන්වහන්සේගේ ගෝලයන්ගෙන් තවත් දෙදෙනෙක්ද එක්ව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්