Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 9:29 - Sinhala Revised Old Version

29 එසේය, ස්වාමිනියි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා: නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 එවිට උන් වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ශ කොට, “ඔබ විශ්වාස කළ ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 එවිට ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළ උන්වහන්සේ, “ඔබගේ ඇදහිල්ල ලෙස ඔබට සිදු වේවා” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 එවිට උන් වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ශ කොට, “ඔබ විශ්වාස කළ ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 9:29
8 හුවමාරු යොමු  

එවිට යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: ස්ත්‍රිය, නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ කැමැත්ත ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේ පටන් ඇගේ දුව සුවපත්වූවාය.


යේසුස්වහන්සේ ඔවුන්ට අනුකම්පාකරමින්, ඔවුන්ගේ ඇස් අතගෑසේක. එවලේම ඔව්හු පෙනීම ලැබ උන්වහන්සේ අනුව ගියෝය.


යේසුස්වහන්සේ සියයකට මුලාදෑනියාට කථාකොට: යන්න; නුඹ අදහාගත් ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේදීම මෙහෙකරුවා සුවපත්විය.


යේසුස්වහන්සේ හැරී ඈ දැක: දියණියෙනි, ධෛර්යමත්වෙන්න; නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේයයි කීසේක. ඒ ස්ත්‍රී ඒ පැයේ පටන් සුවපත්වූවාය.


උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන්වහන්සේ ළඟට ආවෝය. මට මේක කරන්ට පුළුවන කියා නුඹලා විශ්වාසකරනවාදැයි යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.


යේසුස්වහන්සේද: යන්න, නුඹේ ඇදහිල්ල නුඹට සුවකළේයයි ඔහුට කීසේක. එවේලේම ඔහු පෙනීම ලැබ, මාර්ගයෙහි උන්වහන්සේ අනුව ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්