Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 8:31 - Sinhala Revised Old Version

31 යක්ෂයෝද: ඔබ අප දුරුකරනසේක්නම්, ඌරු රැළට වැහෙන්ට අප හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 දුෂ්ටාත්ම කතා කරමින්, “ඔබ අප දුරු කරන සේක් නම්, ඌරු රැළට වැහෙන්නට අප හැරිය මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

31 යක්ෂාත්මයෝ උන්වහන්සේට කන්නලව් කරමින්, “ඔබතුමා අප පලවා හරින්නේ නම්, අර ඌරු රැළ වෙත අප හැරිය මැනව” යි ඉල්ලූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 දුෂ්ටාත්ම කතා කරමින්, “ඔබ අප දුරු කරන සේක් නම්, ඌරු රැළට වැහෙන්නට අප හැරිය මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 8:31
9 හුවමාරු යොමු  

ඔව්හුද: ඌරන්ට වැහෙන පිණිස අප හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.


එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේයයි ස්වර්ගයෙහි කියන මහත් හඬක් මට ඇසුණේය.


මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්ස, ඔබවහන්සේට මාගෙන් කම මොකද? මට වද නොදෙනමෙන් දෙවියන්වහන්සේගේ නාමයෙන් උදක්ම ඉල්ලමියි මහත් හඬින් මොරගසා කීවේය.


උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.


ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.


ඔවුන්ට දුරින් මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය.


යන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එවිට ඔව්හු පිටවී ගොස් ඌරන්ට වැහුණෝය. බලව, ඒ මුළු රැළ ප්‍රපාතය දිගේ මුහුදට වේගයෙන් දිවගොස්, ජලයෙහි වැටී මළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්