Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 7:5 - Sinhala Revised Old Version

5 වංචාකාරය, පළමුකොට නුඹේ ඇසෙන් දැවය පහකරන්න; එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට ඔබට හොඳ හැටි පෙනෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 කෛරාටිකය, පළමු කොට ඔබේ ඇසෙන් ලී කොටය පහ කරන්න; එවිට සහෝදරයාගේ ඇසෙන් ලී කුඩ පහ කරන්න ඔබට හොඳින් පෙනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 වංචාකාරය, පළමුව, ඔබේ ඇසේ ලී පතුර ඉවත් කරගන්න; එවිට ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කිරීමට පැහැදිලිවම ඔබට පෙනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 කෛරාටිකය, පළමු කොට ඔබේ ඇසෙන් ලී කොටය පහ කරන්න; එවිට සහෝදරයාගේ ඇසෙන් ලී කුඩ පහ කරන්න ඔබට හොඳින් පෙනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 7:5
11 හුවමාරු යොමු  

නොහොත් නුඹේම ඇසේ තිබෙන දැවය නොබලා: සහෝදරය, නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ අරන්දමන්ට ඉඩදෙන්නැයි සහෝදරයාට කියන්ට නුඹට කෙසේ හැකිවේද? වංචාකාරය, පළමුකොට නුඹේම ඇසෙන් දැවය අරන්දමන්න, එවිට නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ අරන්දමන්ට නුඹට හොඳහැටි පෙනෙනවා ඇත.


නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: වංචාකාරයෙනි, නුඹලාගෙන් එකිනෙකා සබත් දවසේදී තම තමාගේ ගොනා හෝ කොටළුවා හෝ ගාලෙන් ලිහා වතුර පොවන්ට ගෙන නොයන්නේද?


එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: වෙදාණෙනි, තමාම සුවකරගන්න යන මේ උපහැරණ කීම මට කියා, නුඹ කපර්ණවුමෙහිදී කළාය කියා අප විසින් ඇසූ දේම නුඹේ රටවූ මෙහිදීත් කරන්නැයි නිසැකින්ම මට කියනවා ඇත.


නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම දැන: වංචාකාරයෙනි, නුඹලා මා පරීක්ෂාකරන්නේ මක්නිසාද?


වංචාකාරයෙනි, පොළෝතලයත් අහස්තලයත් විසඳන්ට නුඹලා දනිහුය; නුමුත් මේ කාලය විසඳන්ට නොදැන සිටින්නේ කොහොමද?


නුමුත් නපුරු ආත්මය උත්තරදෙමින්: යේසුස්වහන්සේ අඳුනමි, පාවුල්ද දනිමි; නුමුත් නුඹලා කවුරුදැයි ඔවුන්ට කීවේය.


නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද?


නොහොත් නුඹේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දෙන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද?


ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්