Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 6:30 - Sinhala Revised Old Version

30 මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

30 අද පිපී, හෙට ගින්නෙහි ලන තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද? අහෝ ඇදහිලි මද තැනැත්තෙනි,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 6:30
15 හුවමාරු යොමු  

විශ්වාසය මදි තැනැත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතෙහි තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද?


එකෙණෙහිම යේසුස්වහන්සේ අත දිගුකොට ඔහු අල්ලාගෙන: ඇදහිලි මඳ තැනැත්ත, කුමක් නිසා සැකවූයෙහිදැයි කීසේක.


කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ.


යේසුස්වහන්සේ ඒ බව දැන: මඳ ඇදහිල්ල ඇත්තෙනි, නුඹලාට රොටි නැති නිසා කුමකට නුඹලා අතරෙහි කථාකර ගන්නහුද?


උන්වහන්සේද: මඳ ඇදහිල්ල ඇත්තෙනි, කුමක් නිසා භයපත්වන්නේදැයි ඔවුන්ට කියා, නැගිට හුළඟටත් මුහුදටත් සැරකළසේක; එවිට මහත් නිශ්චලයක් විය.


එකල උන්වහන්සේ තෝමස්ට කථාකොට: නුඹේ ඇඟිල්ල මෙහි දිගුකොට, මාගේ අත් බලන්න; නුඹේ අත දිගුකොට, මාගේ ඇළයෙහි බහාලන්න. අවිශ්වාස නොකොට, විශ්වාසකරන්නැයි කීසේක.


උන්වහන්සේද: නුඹලා භයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ල නැද්දැයි කීසේක.


සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැත්තාවූ හිතුවක්කාර පරම්පරාව, මම කොපමණ කල් නුඹලා සමඟ සිට නුඹලා ගැන ඉවසම්ද? නුඹේ පුත්‍රයා මෙහි ගෙනෙන්නැයි කීසේක.


උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති පරම්පරාව, කොපමණ කල් නුඹලා සමඟ සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? ඔහු මා ළඟට ගෙනෙන්නැයි කීසේක.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව, මම නුඹලා සමඟ කොපමණ කල් සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? මෙහි මා ළඟට ඔහු ගෙනෙන්නැයි කීසේක.


දුෂ්ටයන් තණකොළ මෙන් වැඩෙන්නෙත්, අයුතුකම්කරන සියල්ලන් සඵලවන්නෙත්, ඔවුන් සදාකාලේට විනාශවන පිණිසය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්