Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 5:17 - Sinhala Revised Old Version

17 ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 “දහම් නීතිය හෝ දිවැසිවරුන් හෝ අවලංගු කරන්නට මා ආවා යයි නො සිතන්න; ඒවා සම්පූර්ණ කරන්නට මිස අවලංගු කරන්නට මා ආවා නො වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 5:17
16 හුවමාරු යොමු  

මක්නිසාද අදහන සියලු දෙනාටම ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වනසේක.


එහෙත් ව්‍යවස්ථාවෙන් එක බින්දුවක් පහවීමට වඩා අහසත් පොළොවත් පහවයාම පහසුය.


එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය.


එසේවී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගුකරමුද? එසේ නොවේවා. අපි ව්‍යවස්ථාව ස්ථිරකරමුව.


ස්වාමීන්වහන්සේ තමන්ගේ ධර්මිෂ්ඨකම නිසා ව්‍යවස්ථාව උතුම් කොට ඊට ගෞරවකරන්ට සතුටුවූසේක.


එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: දැනට ඉඩහරින්න. මක්නිසාද මෙසේ සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණකරන්ට අපට සුදුසුයයි කීසේක. එවිට ඔහු උන්වහන්සේට ඉඩහැරියේය.


මොහු ව්‍යවස්ථාවට වෙනස්ලෙස දෙවියන්වහන්සේට නමස්කාරකරන්ට මනුෂ්‍යයන් පොලඹවන්නේයයි කීවෝය.


මේ මනුෂ්‍යයා මේ ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධව කථාකිරීම නොනවත්වයි.


මෙබඳු අය ගල්ගසා මරන්ට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණකර තිබේ. නුමුත් ඔබ මෑ ගැන කියන්නේ කුමක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය.


සෙනඟටද ව්‍යවස්ථාවටද මේ ස්ථානයටද විරුද්ධව සියලු තැන්වල සියල්ලන්ට උගන්වන්නාවූ මනුෂ්‍යයා මොහුය. එපමණකුත් නොව ග්‍රීක්වරුන්ද දේවමාළිගාවට කැඳවාගෙනවිත්, ඔහු මේ ශුද්ධස්ථානය අපවිත්‍රකෙළේයයි මොරගසා කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්