Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 5:1 - Sinhala Revised Old Version

1 උන්වහන්සේ සමූහයන් දැක කන්දට නැගුණසේක. උන්වහන්සේ හිඳගත් කල්හි උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 ජනකාය දුටු කල, යේසුස්වහන්සේ කන්දට නැගුණ සේක. උන්වහන්සේ හිඳගත් පසු, උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙත ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 5:1
16 හුවමාරු යොමු  

උන්වහන්සේ කන්දට නැගී තමන්වහන්සේ කැමතිවූවන් තමන් ළඟට කැඳෙවුසේක. ඔව්හු උන්වහන්සේ ළඟට ආවෝය.


යේසුස්වහන්සේ එයින් පිටත්ව ගලීලයේ මුහුද ළඟට ගොස් කන්දට නැගී එහි වැඩහුන්සේක.


නැවතත් උන්වහන්සේ මුහුද අද්දර උගන්වන්ට පටන්ගත්සේක. එකල ඉතා මහත් සමූහයක් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැගී වැඩහුන්සේක; මුළු සමූහයාද මුහුද ළඟ ගොඩ සිටියෝය.


ඔවුන්ට කෑම කන්ට පමණවත් අවකාශ නැතිවන තරමට සමූහයා නැවත රැස්වුණෝය.


ගලීලයෙන්ද දෙකපොලිසෙන්ද යෙරුසලමෙන්ද යුදයෙන්ද යොර්දාන් එගොඩින්ද බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය.


බොහෝ සමූහයන් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක; මුළු සමූහයා වෙරළෙහි සිටියෝය.


එවිට උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට උගන්වමින් මෙසේ කීසේක–


තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාච්ඤාකරන පිණිස කන්දකට ගොස් දෙවියන්වහන්සේට යාච්ඤාකරමින් මුළු රාත්‍රිය ගතකළසේක.


උන්වහන්සේ ඔවුන් සමඟ බැස ඇවිත් සමභූමියක නැවතී සිටිසේක, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් මහත් සමූහයක්ද උන්වහන්සේගේ වචන අසන්ටත් තමුන්ගේ රෝග සුවකරවාගන්ටත් මුළු යුදය හා යෙරුසලමෙනුත් තීර් හා සීදොන්හි මුහුදුකරෙනුත් ආවාවූ බොහෝ දෙනෙක්ද සිටියෝය;


එවිට උන්වහන්සේ තමන් ගෝලයන් දෙසට ඇස් ඔසවා කියනසේක්: දිළිඳුවූ නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගේය.


තවද මේ වචන කියා අට දවසකට පමණ පසු උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යාකොබ්ද කැඳවාගෙන යාච්ඤාකරන පිණිස කන්දට නැගුණුසේක.


එබැවින් රජකමට පත්කරගන්නා පිණිස තමන්වහන්සේ බලාත්කාරයෙන් අල්ලාගන්ට ඔවුන් එන බව යේසුස්වහන්සේ දැන, නැවත තනියම කන්දට ගියසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්