Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 28:2 - Sinhala Revised Old Version

2 එවිට මහත් පොළෝකම්පාවක් විය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස ඇවිත්, ගල අහකට පෙරළා, ඒ පිට ඉඳගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 එවිට මෙන්න! බිහිසුණු භූමිකම්පාවක්. මන්ද ස්වාමින්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, එම ගල ඉවතට පෙරළා ඒ මත හිඳ ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 28:2
12 හුවමාරු යොමු  

හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය.


දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.


සතියේ පළමුවෙනිදා අලුයම් වේලේ, අඳුර තිබියදීම, මග්දලායේ මරියා සොහොන්ගේ ළඟට ගොස්, සොහොන්ගෙයින් ගල අහක්කොට තිබෙන බව දුටුවාය.


එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.


ඔවුන් ඒ දේවල් ගැන සේවයකරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරනලද්දේය. ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශකළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වනලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති.


තමා විසින් පර්වතයෙහි කප්පවා තිබුණ තමාගේම අලුත් සොහොන්ගෙයි තබා, එහි දොරකඩට මහත් ගලක් පෙරළා තබා ගියේය.


ඔව්හු ගොස් ගල මුද්‍රාකර, රැකවලුන් ඇතුව, සොහොන්ගෙය සුරක්ෂිත කළෝය.


නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයෙක් රාත්‍රියේ හිරගෙයි දොරවල් ඇර ඔවුන් පිටතට ගෙනැවිත්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්