Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 28:12 - Sinhala Revised Old Version

12 එවිට ඔව්හු වැඩිමහල්ලන් සමඟ රැස්ව මන්ත්‍රණයකොට, හේවායන්ට බොහෝ මිලදී:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එවිට, ඔව්හු ප්‍රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 නායක පූජකවරු වැඩිහිටියන් සමඟ සාකච්ඡා කොට, මුර සෙබළුනට ලොකු මුදලක් දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එවිට, ඔව්හු ප්‍රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 28:12
12 හුවමාරු යොමු  

ඔව්හු ඔහුගේ වචනයට එකඟවී, ප්‍රේරිතයන් තමුන් වෙතට ගෙන්වා, ඔවුන්ට තළා, යේසුස්වහන්සේගේ නාමයෙන් කථා නොකරන්ට අණකොට යන්ට හැරියෝය.


එබැවින් නායක පූජකයෝද ඵරිසිවරුද මන්ත්‍රණ සභාවක් රැස්කරවා: අපි කුමක් කරමුද? මේ මනුෂ්‍යයා බොහෝ හාස්කම් කරයි.


එවිට ඵරිසිවරු පිටත්ව ගොස්, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණය කළෝය.


ඔවුන් යන කල රැකවලුන්ගෙන් සමහරෙක් නුවරට ඇවිත් සිදුවූ සියල්ල නායක පූජකයන්ට දැන්නුවෝය.


අප නිදාඉන්දදී ඔහුගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝයයි කියන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්