Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 27:48 - Sinhala Revised Old Version

48 එකෙණෙහිම ඔවුන්ගෙන් එක්කෙනෙක් දිව ගොස්, මූදූහත්තක් ගෙන කාඩියෙන් පොඟවා බටදණ්ඩක ගසා, උන්වහන්සේට බොන්ට දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

48 එකෙණෙහි ම ඔවුන්ගෙන් එක් කෙනෙකු දිව ගොස්, මූදු හත්තක්ගෙන ඇඹුල් මිදියුසවල පොඟවා බට දණ්ඩක ගසා, උන් වහන්සේට බොන්න දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

48 ඔවුන්ගෙන් කෙනෙක් වහා දිව ගොස් මූදු හත්තක් ගෙන, මිදි යුෂ විනාකිරෙන් එය පොඟවා, දණ්ඩක අමුණා යේසුස්වහන්සේට බොන්නට ළං කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

48 එකෙණෙහි ම ඔවුන්ගෙන් එක් කෙනෙකු දිව ගොස්, මූදු හත්තක්ගෙන ඇඹුල් මිදියුසවල පොඟවා බට දණ්ඩක ගසා, උන් වහන්සේට බොන්න දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 27:48
7 හුවමාරු යොමු  

ආහාර පිණිස ඔව්හු මට තික්ත ද්‍රව්‍ය දුන්නෝය; පිපාසාවූ කල කාඩි බොන්ට දුන්නෝය.


හේවායෝද උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට කාඩි ළංකොට:


තික්ත මිශ්‍රකළ මුද්‍රිකපානය උන්වහන්සේට බොන්ට දුන්නෝය. උන්වහන්සේ රස බලා බොන්ට නොකැමතිවූසේක.


එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා: මොහු එලියාට අඬගසන්නේයයි කීවෝය.


සෙස්සෝ කථාකොට: නිකම් සිටින්න; මොහු ගළවන්ට එලියා එන්නේද කියා බලමුයයි කීවෝය.


කෙනෙක් දිවගොස් මූදුහත්තක් කාඩියෙන් පොඟවා බට දණ්ඩක ගසා උන්වහන්සේට බොන්ට දී: නිකම් සිටින්න; මොහු බස්වාගන්ට එලියා එන්නේදැයි බලමුයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්