Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 26:60 - Sinhala Revised Old Version

60 බොහෝ බොරු සාක්ෂිකාරයන් ආ නුමුත් කිසිවක් සම්බවුණේ නැත. නුමුත් පසුව දෙදෙනෙක් ඇවිත්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

60 බොහෝ බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් වූ නමුත්, කිසි සාක්ෂියක් සම්බ නො වී ය. පසුව දෙදෙනෙක් ඉදිරිපත් වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

60 බොරු සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වුව ද, ඔවුන්ට කිසිවක් සොයාගත නො හැකි විය. අන්තිමේදී දෙදෙනෙක් ඉදිරිපත් වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

60 බොහෝ බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් වූ නමුත්, කිසි සාක්ෂියක් සම්බ නො වී ය. පසුව දෙදෙනෙක් ඉදිරිපත් වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:60
7 හුවමාරු යොමු  

කොයි අපරාධයකට නුමුත්, මනුෂ්‍යයෙක් කරන පාපවල් අතරෙන් කොයි පාපයකට නුමුත්, එක සාක්ෂිකාරයෙක් කිසිවෙකුට විරුද්ධව නොනැගිටීවා. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ මුඛයෙන් කාරණයක් ස්ථිර වන්නේය.


අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෝ නැගිට, මා නොදන්න කාරණා ගැන මාගෙන් අසති.


මාගේ එදිරිකාරයන්ගේ කැමැත්තට මා භාර නුදුන මැනව. මක්නිසාද බොරු සාක්ෂිකාරයෝද කෲරකමින් තර්ජනකරන්නෝද මට විරුද්ධව නැගිට සිටිති.


නුඹලා නපුර කරන්නහුයයි නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස්තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න.


ලජ්ජාවන පිණිස නුඹේ ගුරුකමෙන් පිරිසිදුකමත් සන්සුන්කමත් නිවැරදිවූ සාරවූ කථාවත් පෙන්වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්