Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 26:55 - Sinhala Revised Old Version

55 ඒ පැයේදී යේසුස්වහන්සේ සමූහයන්ට කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද? මා දේවමාළිගාවේ උගන්වමින් දවස්පතා හිඳිද්දී නුඹලා මා ඇල්ලුවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

55 ඒ පැයේ දී ම ජේසුස් වහන්සේ ජනකායට කතා කොට, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්නට ආවහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි උගන්වමින් සිටියෙමි. එහෙත්, ඔබ මා අල්ලාගත්තේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

55 ඒ පැයේදී යේසුස්වහන්සේ පිරිස් අමතමින්, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද? දවස්පතා මම දේව මාලිගයේ හිඳ ඉගැන්වූයෙමි. එහෙත් නුඹලා මා අල්ලා ගත්තේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

55 ඒ පැයේ දී ම ජේසුස් වහන්සේ ජනකායට කතා කොට, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්නට ආවහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි උගන්වමින් සිටියෙමි. එහෙත්, ඔබ මා අල්ලාගත්තේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:55
15 හුවමාරු යොමු  

උන්වහන්සේ අලුයම දේවමාළිගාවට නැවත ආසේක, මුළු සෙනඟ උන්වහන්සේ ළඟට පැමිණියෝය; උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට ඉගැන්වූසේක.


යේසුස්වහන්සේ දේවමාළිගාවේ උගන්වද්දී උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයායයි ලියන්නෝ කෙසේ කියද්ද?


ඒ නිසා යේසුස්වහන්සේ දේවමාළිගාවෙහි උගන්වමින් ශබ්දනගා: නුඹලා මා කවුද කියාත් මම කොතැනින් ආවෙම්ද කියාත් දන්නහුය; මම මාගේ කැමැත්තෙන් නායෙමි, නුමුත් මා එවූ තැනන්වහන්සේ සැබෑ කෙනෙක්ය; නුඹලා උන්වහන්සේ අඳුනන්නේ නැත.


නුමුත් මංගල්‍යය මැදදී යේසුස්වහන්සේ දේවමාළිගාවට ගොස් ඉගැන්වූසේක.


උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව උගන්වමින් සිටියදී නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද උන්වහන්සේ ළඟට ඇවිත්: නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? මේ බලය නුඹට දුන්නේ කවුදැයි ඇසුවෝය.


උන්වහන්සේ කථාකරද්දීම, බලව, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් හා සෙනඟගේ වැඩිමහල්ලන් කෙරෙන් කඩු මුගුරු ගත් මහත්වූ සමූහයක්ද ආවෝය.


උන්වහන්සේ එතැනින් නැගිට යුදයේ සීමාවලටත් යොර්දානෙන් එගොඩ පළාතටත් පැමිණිසේක. සමූහයෝ උන්වහන්සේ වෙතට නැවත රැස්වූවෝය; උන්වහන්සේද තමන් පුරුද්ද ලෙස නැවත ඔවුන්ට ඉගැන්නූසේක.


පොත අකුළා සේවකයාට දී, වැඩහුන්සේක. එකල සිනගෝගයෙහි සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි ඇස් හෙළාගෙන සිටියෝය.


උන්වහන්සේ දවස්පතා දේවමාළිගාවේ ඉගැන්වූසේක. නුමුත් නායක පූජකයෝද ලියන්නෝද සෙනඟගේ ප්‍රධානීහුද උන්වහන්සේ නසන්ට සෙවුවෝය.


තවද උන්වහන්සේ ඒ දවස්වලින් එකකදී දේවමාළිගාවේ සෙනඟට උගන්වමින්, ශුභාරංචිය දේශනාකරමින් සිටියදී, නායක පූජකයෝද ලියන්නෝද වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේ ළඟට පැමිණ කථාකොට:


උන්වහන්සේ දේවමාළිගාවේ උගන්වමින් මුදල් ගබඩාවේදී මේ වචන කීසේක. උන්වහන්සේගේ වේලාව ඒතාක් නොපැමිණි බැවින් කිසිවෙක් උන්වහන්සේ ඇල්ලුවේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්