Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 26:43 - Sinhala Revised Old Version

43 උන්වහන්සේ නැවත ඇවිත් ඔවුන් නිදා ඉන්නවා දුටුසේක, මක්නිසාද ඔවුන්ගේ ඇස් නිදිබරව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 උන් වහන්සේ නැවත ආ කල ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

43 යළි ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් යළි නිදා සිටිනු දුටු සේක. මන්ද ඔවුන්ගේ ඇස් නිදි බරව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 උන් වහන්සේ නැවත ආ කල ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:43
8 හුවමාරු යොමු  

පේතෘස්ද ඔහු සමඟ සිටියෝද නිදිබරව උන්නෝය. ඔව්හු හොඳටම පිබිද, උන්වහන්සේගේ තේජසද උන්වහන්සේ සමඟ සිටි මනුෂ්‍යයන් දෙදෙනාද දුටුවෝය.


හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය; ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන්වහන්සේ විසින් නියමකර තිබේ.


යුතිකස් නම් එක් තරුණයෙක් බොහෝ නිදිබරව කවුළුව උඩ ඉඳගෙන උන්නේය; පාවුල් තව දුරට අනුශාසනාකරද්දී යුතිකස් නින්දේ තදකම නිසා තුන්වෙනි මහලින් පහළට වැටුණේය, ඔහු ඔසවාගත් කල මැරී සිටියේය.


එවිට නැවේ ප්‍රධානියා ඔහු ළඟට ඇවිත්: නුඹ නිදාගන ඉන්නේ මක්නිසාද? නැගිට නුඹේ දෙවියන්වහන්සේගෙන් පිහිට ඉල්ලන්න, සමහරවිට අප විනාශ නොවන ලෙස දෙවියන්වහන්සේ අප ගැන කල්පනාකරනවා ඇතැයි ඔහුට කීවේය.


නුඹ මුහුද මැද නිදාගන්නෙකු මෙන්ද කුඹගසක මුදුනේ නිදන කෙනෙකු මෙන්ද වන්නෙහිය.


උන්වහන්සේ නැවත දෙවෙනි වරත් අහක්ව ගොස්: අහෝ මාගේ පියාණෙනි, මේක මා විසින් නොබී පහවෙන්ට බැරි නම්, ඔබගේ කැමැත්තවේවයි කියා යාච්ඤාකළසේක.


නැවතත් උන්වහන්සේ ඔවුන් අත්හැර ගොස්, තුන්වෙනි වරත් ආයෙත් එම වචන කියා යාච්ඤාකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්