Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 26:33 - Sinhala Revised Old Version

33 පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: සියල්ලන්ම ඔබ ගැන බාධාවෙතත් මම නම් කවදාවත් බාධා නොවන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 පේදුරු උන් වහන්සේට උත්තර දෙමින්, “අන් හැම දෙන ම ඔබ නිසා අධෛර්ය වුවත් මම නම් කවදාවත් අධෛර්ය නොවන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

33 එවිට පේතෘස් කතා කරමින්, “ඔබ නිසා හැමදෙනා ඔබ හැරදා ගියත්, මම කිසි කලෙක හැර නො යමි” යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 පේදුරු උන් වහන්සේට උත්තර දෙමින්, “අන් හැම දෙන ම ඔබ නිසා අධෛර්ය වුවත් මම නම් කවදාවත් අධෛර්ය නොවන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:33
15 හුවමාරු යොමු  

ඔහුද: ස්වාමීනි, ඔබ සමඟ හිරගෙටත් මරණයටත් යන්ට සූදානම්ව සිටිමියි උන්වහන්සේට කීවේය.


පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.


සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;


එහෙත් පේතෘස් කථාකොට: සියලුදෙනාම බාධාවෙතත් මම නම් බාධා නොවෙමියි උන්වහන්සේට කීය.


සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?


බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශකරති; එහෙත් විශ්වාස මනුෂ්‍යයෙක් කාට සම්බවේද?


මාගේ අඩි ඔබගේ මාවත්වල ස්ථිරලෙස පිහිටියේය, මාගේ පාද නොලිස්සුවේය.


මෙසේ ඔවුන් කෑ පසු යේසුස්වහන්සේ සීමොන් පේතෘස්ට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, මොවුන්ට වඩා නුඹ මට ප්‍රේමකරනවාදැයි ඇසූසේක. ඔහු: එසේය, ස්වාමිනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේ: මාගේ බැටළුපැටවුන් පෝෂණයකරන්නැයි ඔහුට කීසේක.


නුමුත් මා නැගුටුවනු ලැබූ පසු නුඹලාට පළමුවෙන් ගලීලයට යන්නෙමියි කීසේක.


යේසුස් වහන්සේද: සැබවක් නුඹට කියමි–අද රාත්‍රියේ කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියි ඔහුට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්