Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 26:27 - Sinhala Revised Old Version

27 උන්වහන්සේ කුසලානක් ගෙන ස්තුතිකොට ඔවුන්ට දී: නුඹලා සියල්ලෝම මෙයින් බොන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට දෙමින්, “ඔබ හැම මෙයින් ගෙන බොන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:27
12 හුවමාරු යොමු  

අප විසින් ආශීර්වාදකරන ආශීර්වාද කුසලාන වනාහි ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයේ සහභාගිකමක් නොවේද? අප විසින් කඩන රොටිය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සහභාගිකමක් නොවේද?


සේනාවල ස්වාමීන්වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදනසේක.


නුමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසිකොට, ඒ රොටි කෑවාවේ,


එලෙසම රාත්‍රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.


එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට එන්න, මුදල් නැත්තෙනි, නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කන්න; එසේය, ඇවිත් මිලමුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද ගන්න.


නුඹේ මුඛය ඉතා හොඳ මුද්‍රිකපානය මෙන්ද වේවා; ඒවා මාගේ ප්‍රේමවන්තයාට හරියන්නේය, නිදාඉන්නන්ගේ තොල් සෙමින් සොලවන්නේය.


මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.


මම ගැළවීමේ කුසලාන රැගෙන, ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමි.


රොටි සතද මසුන්ද රැගෙන ස්තුතිකොට කඩා, ගෝලයන්ට දුන්සේක, ගෝලයෝද සමූහයන්ට දුන්නෝය.


ඔවුන් කමින් සිටියදී යේසුස්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ගෝලයන්ට දී: රැගෙන කන්න; මේක මාගේ ශරීරයයයි කීසේක.


මේක පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්