Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 24:26 - Sinhala Revised Old Version

26 එබැවින් ඔව්හු නුඹලාට කථාකොට: අන්න, උන්වහන්සේ වනාන්තරයෙහි සිටිනසේකැයි කියත් නම්, පිටත්ව නොයන්න. උන්වහන්සේ ඇතුල් ගෙවල සිටිනසේකැයි කියත් නම්, විශ්වාස නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ‘අන්න, උන් වහන්සේ පාළුකරයේ සිටින සේකැ’යි ඔවුන් ඔබට කීවොත්, පිටත් ව නොයන්න, ‘උන් වහන්සේ කාමරයක සැඟවී සිටින සේකැ’යි කීවත්, විශ්වාස නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 “එබැවින්, ඔවුන් ඔබට කතා කොට, ‘අන්න, එතුමන් පාළුකරයේ’ යි කීවොත්, පිටතට නො යන්න; ‘මෙන්න, එතුමන් ඇතුළු කුටියකැ’ යි කීවොත් එය විශ්වාස නො කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ‘අන්න, උන් වහන්සේ පාළුකරයේ සිටින සේකැ’යි ඔවුන් ඔබට කීවොත්, පිටත් ව නොයන්න, ‘උන් වහන්සේ කාමරයක සැඟවී සිටින සේකැ’යි කීවත්, විශ්වාස නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 24:26
6 හුවමාරු යොමු  

කාන්තාරයෙහි ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාදා, අපේ දෙවියන්වහන්සේට වනයෙහි මාවතක් සමතලාකරන්න.


එසේ නම් මේ දවස්වලට පළමුවෙන් කැරලිගස්වා මිනීමරන්නන් සාරදහසක් වනයට ගෙන ගියාවූ මිසරයා නුඹ නොවේදැයි ඇසුවේය.


ඒ දවස්වලදී යොහන් බව්තීස්ත ඇවිත් යුදයේ වනයෙහි දේශනාකරමින්:


බලව, මම නුඹලාට කලින් කීවෙමි.


මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද, මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්