Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 22:45 - Sinhala Revised Old Version

45 මෙසේ දාවිත් උන්වහන්සේට ස්වාමීන්වහන්සේයයි කියන්නේ නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේදැයි ඇසූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 මෙසේ දාවිත් උන් වහන්සේට, ‘සමිඳාණන් ය’යි කියන්නේ නම්, උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

45 මෙසේ දාවිත් ම උන්වහන්සේට ස්වාමින්වහන්සේ ය කියනවා නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ?” යි ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 මෙසේ දාවිත් උන් වහන්සේට, ‘සමිඳාණන් ය’යි කියන්නේ නම්, උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 22:45
9 හුවමාරු යොමු  

යේසුස් වන මම සභාවන් උදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂිදෙන්ට මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ මුල සහ වංශයය, දීප්තිමත් පහන් තාරකාවය.


යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් සැබවක් නුඹලාට කියමි–ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමියි කීසේක.


එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට,


දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.


පියවරුද ඔවුන්ගේය, මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ පැමුණුණෙත් ඔවුන්ගෙන්ය; උන්වහන්සේ සියල්ලන්ටම උතුම්වූ සදාකාල ආශීර්වාදලත් දෙවියන්වහන්සේය. ආමෙන්.


මා විසින් නුඹේ සතුරන් නුඹේ පාද යට දමන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි කියමින්, උන්වහන්සේට ස්වාමීන්වහන්සේයයි කියන්නේ කෙලෙසද?


උන්වහන්සේට වචනයක්වත් කියා උත්තරදෙන්ට කිසිවෙකුට නුපුළුවන්විය, එදා පටන් උන්වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්ට කිසිවෙකුට ධෛර්ය තිබුණෙත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්