Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 22:22 - Sinhala Revised Old Version

22 ඔව්හු ඒ අසා මවිතව, උන්වහන්සේ අත්හැර ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඔව්හු ඒ අසා මවිත ව උන් වහන්සේ අත්හැර ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 ඒ ඇසූ කල, ඔවුහු මවිත වූහ. එබැවින් ඔවුහු උන්වහන්සේ අත්හැර, ඉවත ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඔව්හු ඒ අසා මවිත ව උන් වහන්සේ අත්හැර ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 22:22
10 හුවමාරු යොමු  

උන්වහන්සේ මේ උපමාව තමුන්ට විරුද්ධව කී බව ඔව්හු දැන උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය. නුමුත් ඔව්හු සමූහයාට භයව සිටියෝය. ඔව්හු වනාහි උන්වහන්සේ අත්හැර ගියෝය.


නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.


ඔහු ප්‍රඥාවෙන්ද ආත්මයාණන් කරණකොටගෙනද කළ කථාවේ බලයට විරුද්ධව සිටින්ට ඔවුන්ට නොහැකිවිය.


උන්වහන්සේට වචනයක්වත් කියා උත්තරදෙන්ට කිසිවෙකුට නුපුළුවන්විය, එදා පටන් උන්වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්ට කිසිවෙකුට ධෛර්ය තිබුණෙත් නැත.


සමූහයෝ ඒ අසා, උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මපත්වූවෝය.


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.


යේසුස්වහන්සේ ඒ අසා, මවිතව, තමන් අනුව එන්නන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි, ඉශ්‍රායෙල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්