Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 22:17 - Sinhala Revised Old Version

17 එබැවින් ඔබ සිතන්නේ කුමක්ද? කායිසර්ට ආදායම් දීම යුතුද අයුතුද කියා අපට කිව මැනවයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එබැවින් ඔබ සිතන්නේ කුමක් ද? සීසර් අධිරාජයාට අයබදු ගෙවීම යුතු ද අයුතු දැ යි අපට කිව මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 එනිසා මේ ගැන ඔබගේ අදහස් අපට කියන්න; සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්දැ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එබැවින් ඔබ සිතන්නේ කුමක් ද? සීසර් අධිරාජයාට අයබදු ගෙවීම යුතු ද අයුතු දැ යි අපට කිව මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 22:17
18 හුවමාරු යොමු  

තවද ඒ දවස්වලදී මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගොස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය.


ගෙවනසේකැයි ඔහු කීවේය. ඔහු ගෙට ආ කල යේසුස්වහන්සේ පළමුවෙන් ඔහුට කථාකොට: සීමොන්, නුඹ හිතන්නේ මොකද? පොළොවේ රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන්ද? තමුන්ගේ පුත්‍රයන්ගෙන්ද නොහොත් අන්‍යයන්ගෙන්දැයි කීසේක.


නුමුත් මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධව කථාරකන බව අපි දනිමුව. එබැවින් නුඹ සිතන්නේ මොකද කියා නුඹෙන් අසන්ට කැමැත්තෙමුයයි කීවෝය.


පාවුල් තමාගේ නිදහසට උත්තරදෙමින්: මම යුදව්වරුන්ගේ ව්‍යවස්ථාවටවත් දේවමාළිගාවටවත් කායිසර්ටවත් විරුද්ධව කිසි වරදක් නොකෙළෙමියි කීවේය.


යාසොන් ඔවුන් පිළිගත්තේය. මොවුන් සියල්ලෝද යේසුස් නම් අන් රජෙක් ඇතැයි කියා කායිසර්ගේ නියෝගවලට විරුද්ධව ක්‍රියාකරතියි මොරගසා කියමින්,


ඔහුට පසුව ලේඛනය කරන දවස්වලදී ගලීලයේ යූදස් නැගිට සෙනඟගෙන් සමහරෙක් තමා වෙතට ඇදගත්තේය. ඔහුත් විනාශ විය; ඔහුට යම් පමණ දෙනෙක් කීකරු වූවෝද ඔව්හුත් විසුරුවනු ලැබුවෝය.


පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාවද, හෙරොද් ගලීලයට අධිපතියාවද, ඔහුගේ සහෝදරවූ පිලිප් ඉතුරයටත් ත්‍රකොනිතිස් නම්ලත් පළාතටත් අධිපතියාවද, ලූසානියස් අබිලේනියට අධිපතියාවද, අන්නස් සහ කායාඑස් උත්තම පූජකයෝවද සිටි කාලයෙහි,


සැබවින් නුඹලාගේම ප්‍රාණවලට විරුද්ධව නුඹලා ප්‍රයෝග කළහුය; මක්නිසාද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප උදෙසා යාච්ඤාකර, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ලේ හැටියට අපට දන්වන්න, අපි ඒක කරන්නෙමුව කියා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නුඹලා මා යැවුවහුය.


එය අපේ පව් නිසා ඔබ අප කෙරෙහි පත්කළ රජුන්ට බොහෝ අස්වැන්න උපදවන්නේය. ඔව්හු තමුන්ගේ කැමැත්ත පරිදි අපේ ශරීර කෙරෙහිත් බලය පවත්වති, අපිද මහත් දුකින් සිටිමුව.


තවත් සමහරෙක්: රජුගේ තීරුව දීමට අපේ බිම්ද මිදිවතුද බැඳ මිල ණයටගතිමු.


තවද පූජකයන්, ලෙවීවරුන්, ගායනාකාරයන්, දොරටුපාලයන්, නෙතිනීම්වරුන් යන මොවුන් කිසිවෙකුගෙන්වත් දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ මෙහෙකරුවන්ගෙන්වත් තීරුවද ආදායම්ද සුංගම්ද අයකරන්ට නුඹලාට බලය නැති බව දැනගන්න.


ඉතින් මේ නුවර ගොඩනගා පවුරු තීන්දුකළොත් මොවුන් තීරුවවත් ආදායමවත් සුංගමවත් නොදෙන බවත් මෙසේ අන්තිමේදී රජුන්ට එයින් අලාභ සිද්ධවෙන බවත් රජතුමා දැනගනීවා.


නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම දැන: වංචාකාරයෙනි, නුඹලා මා පරීක්ෂාකරන්නේ මක්නිසාද?


කායිසර්ට ආදායම් දීම අපට යුතුද අයුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්