Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 21:45 - Sinhala Revised Old Version

45 නායක පූජකයොත් ඵරිසිවරුත් උන්වහන්සේගේ උපමා අසා, ඒවා තමුන් ගැන කී බව දැන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 නායක පූජකවරුත්, පරිසිවරුත්, උන් වහන්සේගේ උපමා අසා, ඒවා එල්ල කෙළේ තමන්ට බව දැන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

45 නායක පූජකවරු හා පරිසිවරු උන්වහන්සේගේ එම උපමා ඇසූ කල ඒවා තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් වටහා ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 නායක පූජකවරුත්, පරිසිවරුත්, උන් වහන්සේගේ උපමා අසා, ඒවා එල්ල කෙළේ තමන්ට බව දැන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 21:45
6 හුවමාරු යොමු  

එසේවී නම් බැටළුවෙකුට වඩා මනුෂ්‍යයෙක් කොපමණ උතුම්ද? එබැවින් සබත් දවසේදී යහපත්කම් කරන්ට යුතුයයි ඔවුන්ට කියා–


උන්වහන්සේ ඔවුන්ට බොහෝ කාරණා උපමාවලින් කියනසේක්: බලව, වපුරන්නා වපුරන්ට ගියේය;


මේ ගල පිට වැටෙන්නා පොඩිවී යන්නේය. නුමුත් ඒක යමෙකු පිට වැටුණොත්, ඒක ඔහු ධූලි මෙන් සුනුකර දමන්නේයයි කීසේක.


උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය. නුමුත් උන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙකැයි සමූහයා සැලකූ නිසා ඔවුන්ට භයවූවෝය.


ව්‍යවස්ථාව උගන්වන්නන්ගෙන් එක්කෙනෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබ මෙසේ කීමෙන් අපටත් දෝෂාරෝපණයකරනසේකැයි කීවේය.


නායක පූජකයෝද ලියන්නෝද මේ උපමාව ඔවුන්ට විරුද්ධව උන්වහන්සේ කී බව දැන, ඒ පැයේදීම උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය; නුමුත් සෙනඟට භයවූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්