Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 20:32 - Sinhala Revised Old Version

32 යේසුස්වහන්සේ නැවතී ඔවුන් කැඳවා: මා විසින් නුඹලාට කුමක් කරනවාට කැමතිදැයි ඇසූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 ජේසුස් වහන්සේ නැවතී ඔවුන් කැඳවා, “මා ඔබට කුමක් කරදෙනවාට ඔබ කැමැති දැ”යි ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

32 යේසුස්වහන්සේ නැවතී, ඔවුනට අඬගසා, “මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ජේසුස් වහන්සේ නැවතී ඔවුන් කැඳවා, “මා ඔබට කුමක් කරදෙනවාට ඔබ කැමැති දැ”යි ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 20:32
6 හුවමාරු යොමු  

ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙය ඉශ්‍රායෙල් වංශයට කරන ලෙස මම ඔවුන්ගේ ඉල්ලීමට තව දුරටත් ඇහුම්කන්දෙන්නෙමි; රැළක් මෙන් ඔවුන්ගේ ගණන වැඩි කරන්නෙමි.


නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.


උන්වහන්සේ: නුඹට ඕනෑ කුමක්දැයි ඇගෙන් ඇසූසේක. ඈද: ඔබගේ රාජ්‍යයෙහිදී මේ මාගේ පුත්‍රයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ඔබගේ දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තේද හිඳින්ට නියමකළ මැනවයි කීවාය.


එබැවින් මා කැඳවා යැවූ කල මම අකැමැති නොවී ආවෙමි. මොන අදහසක් පිණිස නුඹලා මා කැඳෙවුවාද කියා අසමියි කීවේය.


ඔවුන් නිශ්ශබ්දවන පිණිස සමූහයා ඔවුන්ට සැරකළෝය. නුමුත් ඔව්හු: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි වඩ වඩා මොරගැසුවෝය.


ස්වාමිනි, අපේ ඇස් පහදනු ලැබීමටයයි ඔව්හු උන්වහන්සේට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්