Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 19:7 - Sinhala Revised Old Version

7 ඔව්හු කථාකොට: එසේවී නම් ඇත්හැරීම් පත්‍රයක් දී ඈ අත්හරින්ට මෝසෙස් අණකළේ මක්නිසාදැයි උන්වහන්සේට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔව්හු කතා කොට, “එසේ වී නම් දික්කසාද සහතිකයක් දී ඇය අත් හරින්න මෝසෙස් අණ කෙළේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 “එසේ නම්, තම භාර්යාවට දික්කසාද සහතිකයක් ලියා දී, ඇය ඉවත යැවීමට මෝසෙස් නියෝග කළේ මන්දැ?” යි ඔවුහු ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔව්හු කතා කොට, “එසේ වී නම් දික්කසාද සහතිකයක් දී ඇය අත් හරින්න මෝසෙස් අණ කෙළේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 19:7
9 හුවමාරු යොමු  

ඇරත්, තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඈට අත්හැරීම් පත්‍රයක් දේවයි කියා තිබුණේය.


අත්හැරීම් පත්‍රයක් ලියා ඈ අත්හරින්ට මෝසෙස් අවසර දුන්නේයයි ඔව්හු කීවෝය.


මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් නුඹලාගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටින්න.


ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයාවූ යෝසෙප් ඈ නින්දාවට පමුණුවන්ට නොකැමතිව, රහසින් ඈ අත්හරින්ට සිතුවේය.


එහෙත් ඒ සියලු කාරණා නිසා එනම් අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කාමමිථ්‍යාචාරය කළ නිසා මම ඈ අත්හැරදමා ඇගේ අත්හැරීම් පත්‍රය ඈට දුන් නුමුත්, ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදාත් භය නොවී ගොස් වේශ්‍යාකම් කරන බව දුටිමි.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.


මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.


උන්වහන්සේද: නුඹලාගේ සිත් දැඩිකම නිසා මෝසෙස් නුඹලාගේ භාර්යාවන් අත්හරින්ට ඉඩදුන්නේය. නුමුත් පටන්ගැන්මේ සිට එසේ නොවූයේයයි ඔවුන්ට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්