Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 17:18 - Sinhala Revised Old Version

18 යේසුස්වහන්සේ ඔහුට තරවටුකළසේක; එවිට යක්ෂයා ඔහුගෙන් දුරුව ගියේය. ඒ පැයේ පටන් ළමයා සුවපත්විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ජේසුස් වහන්සේ දුෂ්ටාත්මයට තරවටු කළ සේක. එවිට දුෂ්ටාත්මය ඔහුගෙන් දුරු ව ගියේ ය. ඒ මොහොතේ පටන් ළමයා සුවපත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 යේසුස්වහන්සේ ඔහුට තරවටු කළෙන්, යක්ෂාත්මය ඔහුගෙන් පිටතට ආයේ ය. එකෙණෙහිම දරුවා සුව කරනු ලැබිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ජේසුස් වහන්සේ දුෂ්ටාත්මයට තරවටු කළ සේක. එවිට දුෂ්ටාත්මය ඔහුගෙන් දුරු ව ගියේ ය. ඒ මොහොතේ පටන් ළමයා සුවපත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 17:18
15 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ හැරී ඈ දැක: දියණියෙනි, ධෛර්යමත්වෙන්න; නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේයයි කීසේක. ඒ ස්ත්‍රී ඒ පැයේ පටන් සුවපත්වූවාය.


ඈ බොහෝ දවසක්ම මෙසේ කළාය. එවිට පාවුල් අතිශයෙන් අප්‍රසන්නවී, හැරී ආත්මයට කථාකොට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමයෙන් ඇගෙන් අහක්වී යන්ට නුඹට අණකරමියි කීවේය. ඒ පැයේදීම ආත්මය අහක්වගියේය.


ඔහු එද්දීම යක්ෂයා ඔහු බිම හෙළා, ඔහුට බොහෝසේ පීඩාකෙළේය. නුමුත් යේසුස්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකොට, ළමයා සුවකර, ඔහු පියාට නැවත භාරදුන්සේක.


මක්නිසාද ඒ මනුෂ්‍යයාගෙන් දුරුවෙන්ට උන්වහන්සේ අශුද්ධාත්මයට අණකළසේක. අශුද්ධාත්මය වනාහි නොයෙක් වර ඔහු අල්ලාගත් බැවින්, දම්වැල්වලින්ද විලංගුවලින්ද බැඳ ඔහු රැකවල්කරනලද්දේය; ඔහු වනාහි බැඳුම් කඩාදැමුවේය, යක්ෂයා විසින් වනාන්තරවලට ඔහු එලවනලද්දේය.


එසේ කීවේ: අශුද්ධාත්මය, මොහුගෙන් දුරුවෙවයි උන්වහන්සේ ඔහුට කී නිසාය.


උන්වහන්සේ අනේකාකාර රෝගවලින් පීඩිතවූ බොහෝ දෙනෙකු සුවකළසේක, බොහෝ යක්ෂයන්ද දුරුකළසේක; ඒ යක්ෂයන් උන්වහන්සේ හැඳින්න බැවින් කථාකරන්ට උන්වහන්සේ ඔවුන්ට අවසර නුදුන්සේක.


එවිට යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: ස්ත්‍රිය, නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ කැමැත්ත ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේ පටන් ඇගේ දුව සුවපත්වූවාය.


එවිට යක්ෂාවේශවූ අන්ධ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දේය. උන්වහන්සේ ඔහුව සුවකළසේක, එහෙයින් ඒ ගොළුවාට කථාකරන්ටද දකින්ටද පුළුවන්විය.


යක්ෂයෝද: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා මහත් ශබ්ද පවත්වමින්, බොහෝ දෙනෙකුගෙන් දුරුවුණෝය. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔවුන් දැනගන සිටි නිසා උන්වහන්සේ ඔවුන්ට සැරකරමින් කථාකරන්ට ඉඩ නුදුන්සේක.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව, මම නුඹලා සමඟ කොපමණ කල් සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? මෙහි මා ළඟට ඔහු ගෙනෙන්නැයි කීසේක.


එවිට ගෝලයෝ තනිව යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔහු දුරු කරන්ට අපට බැරිවුණේ මක්නිසාදැයි ඇසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්