Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 17:16 - Sinhala Revised Old Version

16 ඔබවහන්සේගේ ගෝලයන් ළඟට මම ඔහු ගෙනාවෙමි, ඔහු සුවපත්කරන්ට ඔවුන්ට නුපුළුවන්වීයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මම ඔහු ඔබගේ ශ්‍රාවකයන් වෙත ගෙනාවෙමි; එහෙත්, ඔහු සුවපත් කිරීමට ඔවුන්ට නුපුළුවන් වී ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 ඔබගේ ගෝලයන් වෙත ඔහු ගෙනාවෙමි. එහෙත් ඔහු සුව කරන්නට ඔවුනට නො හැකි විණැ” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මම ඔහු ඔබගේ ශ්‍රාවකයන් වෙත ගෙනාවෙමි; එහෙත්, ඔහු සුවපත් කිරීමට ඔවුන්ට නුපුළුවන් වී ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 17:16
7 හුවමාරු යොමු  

ඔහු දුරුකරන මෙන් ඔබවහන්සේගේ ගෝලයන්ගෙන් ඉල්ලුවෙමි; නුමුත් ඔවුන්ට නුපුළුවන්වීයයි කීවේය.


උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ නාමයම නුඹලා දකින්නාවූ අඳුනන්නාවූ මේ මනුෂ්‍යයා සවිකෙළේය. එසේය, උන්වහන්සේ කරණකොටගෙන ඇත්තාවූ ඇදහිල්ල නුඹලා සියල්ලන් ඉදිරියෙහි මොහුට මේ සම්පූර්ණ සුවය දුන්නේය.


ස්වාමිනි, මාගේ පුත්‍රයාට කරුණාකළ මැනව; මක්නිසාද ඔහු අපස්මාර රෝගීව බොහෝ වේදනා විඳියි. නොයෙක්විට ගින්නෙහිද නොයෙක්විට වතුරෙහිද වැටෙයි.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව, මම නුඹලා සමඟ කොපමණ කල් සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? මෙහි මා ළඟට ඔහු ගෙනෙන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්