Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 15:32 - Sinhala Revised Old Version

32 යේසුස්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා කියනසේක්: මම සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති; ඔවුන්ට කන්ට කිසිත් නැත. ඔවුන් බඩගින්නෙන් හරින්ට නොකැමැත්තෙමි, හැරියෙම් නම් මාර්ගයේදී ඔවුන් ක්ලාන්තවෙන්ට පුළුවනැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, “මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය; ඔව්හු දැන් තුන් දවසක් ම මා සමඟ ය; ඔවුන්ට කෑමක් නැත; ඔවුන් බඩගින්නේ පිටත් කර යවන්න අකමැත්තෙමි; එසේ යැව්වොත්, මඟ දී ඔවුන් ක්ලාන්ත විය හැකි යැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

32 යේසුස්වහන්සේ තම ගෝලයින් තමන් වෙත කැඳවා, “මේ සමූහයා ගැන මම අනුකම්පා ඇත්තෙමි. දැන් දවස් තුනක් මා සමඟ සිටින ඔවුන්ට කෑමට කිසිවක් නැහැ. කුස ගින්නේම ඔවුන් පිටත් කර හරින්නට මා කැමති නැහැ. ගියහොත් ඔවුන් අතරමඟ දී ක්ලාන්ත වේවි” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, “මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය; ඔව්හු දැන් තුන් දවසක් ම මා සමඟ ය; ඔවුන්ට කෑමක් නැත; ඔවුන් බඩගින්නේ පිටත් කර යවන්න අකමැත්තෙමි; එසේ යැව්වොත්, මඟ දී ඔවුන් ක්ලාන්ත විය හැකි යැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 15:32
17 හුවමාරු යොමු  

උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.


පහන්වේගන එන කල්හි පාවුල් ඔවුන් සියල්ලන්ට කෑම කන්ට අවවාදකරමින්: නුඹලා බලාසිටිමින්, කිසිත් නොකා නිරාහාරව සිට අදට දසසතරවෙනි දවසය.


මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.


ස්වාමීන්වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පාකොට: අඬන්ට එපායයි ඈට කීසේක.


තවද ඒ ආත්මය නොයෙක්වර ඔහු විනාශකරන පිණිස ගින්නෙහිද වතුරෙහිද හෙළීය. ඔබට යමක් කරන්ට පුළුවන් නම්, අපට අනුකම්පාකර පිහිටවුව මැනවයි කීවේය.


ස්වාමිනි, ඒ වංචාකාරයා ජීවත්ව සිටියදී–මම තුන් දවසකට පසු නැගිටින්නෙමියි කී බව අපට මතකය.


යේසුස්වහන්සේ ඔවුන්ට අනුකම්පාකරමින්, ඔවුන්ගේ ඇස් අතගෑසේක. එවලේම ඔව්හු පෙනීම ලැබ උන්වහන්සේ අනුව ගියෝය.


මක්නිසාද යෝනා මහා මත්ස්‍යයාගේ බඩේ දවහල් තුනක්ද රෑ තුනක්ද සිටියාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළෝ ගැබේ දහවල් තුනක්ද රෑ තුනක්ද සිටින්නේය.


තවද බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් රොටිද යව රොටි විස්සක්ද අලුත් ගොයම් කරල්ද තමාගේ මල්ලේ දමා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙතට ගෙනාවේය. ඔහුද: සෙනඟට කන්ට දෙන්නැයි කීවේය.


යේසුස්වහන්සේ ඒ අසා එයින් පිටත්ව, ඔරුවකින් කාන්තාර ස්ථානයකට වෙන්ව ගියසේක. සමූහයෝ ඒ අසා නුවරවලින් පිටත්ව ඇවිත් උන්වහන්සේ පස්සේ පයින් ගියෝය.


ගෝලයෝ උන්වහන්සේට කථාකොට: මෙපමණ මහත් සමූහයක් තෘප්තියට පමුණුවන්ට වනාන්තරයක අපට රොටි කොයින්දැයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්