Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 14:31 - Sinhala Revised Old Version

31 එකෙණෙහිම යේසුස්වහන්සේ අත දිගුකොට ඔහු අල්ලාගෙන: ඇදහිලි මඳ තැනැත්ත, කුමක් නිසා සැකවූයෙහිදැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, “ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

31 එසැණෙහි තම අත දිගු කොට, ඔහු අල්ලාගත් යේසුස්වහන්සේ, “ඇදහිලි මද තැනැත්ත, නුඹ සැක කළේ මන්දැ?” යි ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, “ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 14:31
23 හුවමාරු යොමු  

මම විපත්ති මැද හැසිරෙම් නුමුත් ඔබ මා ප්‍රාණවත්කරනසේක; ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධව ඔබගේ හස්තයද දිගුකරනසේක, ඔබගේ දකුණු හස්තයද මා ගළවන්නේය.


උන්වහන්සේද: මඳ ඇදහිල්ල ඇත්තෙනි, කුමක් නිසා භයපත්වන්නේදැයි ඔවුන්ට කියා, නැගිට හුළඟටත් මුහුදටත් සැරකළසේක; එවිට මහත් නිශ්චලයක් විය.


ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා-යිරෙ යන නාමය තැබුවේය. මෙසේ: ස්වාමීන්වහන්සේගේ කන්දේදී සපයා දෙනුලබන්නේයයි අද දක්වා කියති.


උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි–අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය;


ඇගේ අත අල්ලා: තලීතාකූමි කියා ඈට කීසේක; එහි අර්ථය–යෞවනිය, නැගිටින්නැයි නුඹට කියමි යනුය.


උන්වහන්සේ ඇවිත් ඇගේ අත අල්ලා ඈ නැගිටෙවුසේක; එවිට උණරෝගය ඈ කෙරෙන් පහව ගියේය, ඈ ඔවුන්ට උපස්ථානකළාය.


යේසුස්වහන්සේ ඒ බව දැන: මඳ ඇදහිල්ල ඇත්තෙනි, නුඹලාට රොටි නැති නිසා කුමකට නුඹලා අතරෙහි කථාකර ගන්නහුද?


මෝසෙස්ගේ දකුණත ළඟ ස්වකීය තේජවත් බාහුව යන්ට සැලැස්සුවාවූ, තමන්ට සදාකාල නාමයක් ලබාගැනීමට ඔවුන් ඉදිරියෙන් ජලය බෙදා,


ඔබගේ වචනය නිර්භීතකමින් කථාකරන්ටත් ඔබගේ ශුද්ධ සේවකයාවූ යේසුස්වහන්සේගේ නාමය කරණකොටගෙන හාස්කම්ද පුදුමද කරන්ටත් ඔබගේ දාසයන්ට වර දුන මැනවයි කීවෝය.


ස්වාමීන්වහන්සේ සැබවින්ම නැගුටුණුසේක, සීමොන්ට පෙනුණුසේකැයි කියමින් සිටිනවා දුටුවෝය.


නුමුත් නුඹලා ගොස්: උන්වහන්සේ නුඹලාට පළමුවෙන් ගලීලයට යනසේකැයි කියාත් උන්වහන්සේ නුඹලාට කී ලෙස එහිදී නුඹලා උන්වහන්සේ දකිනවා ඇත කියාත් උන්වහන්සේගේ ගෝලයන්ටද පේතෘස්ටද කියන්නැයි කීවේය.


සැබවක් නුඹලාට කියමි–කවරෙක් නුමුත් මේ කන්දට කථාකොට: ඉදිරී මුහුදේ වැටෙන්නැයි කියා, තමාගේ සිතින් සැක නොකොට, තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම්, ඒක ඔහුට සිදුවන්නේය.


උන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තව අත දිගුකොට ඔහු පිට තබා: කැමැත්තෙමි, පවිත්‍රවෙන්නැයි ඔහුට කීසේක.


මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද?


එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.


එබැවින් පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, යාච්ඤාකරනවාට කැමැත්තෙමි.


ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක.


නුමුත් ඔහු හුළඟ දැක භයවී, ගිලෙන්ට පටන්ගෙන: ස්වාමිනි, මා ගැළෙවුව මැනවයි මොරගැසුවේය.


ඔවුන් ඔරුවට නැගුණු කල හුළඟ නැවතුණේය.


උන්වහන්සේද: නුඹලා භයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ල නැද්දැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්