Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 14:30 - Sinhala Revised Old Version

30 නුමුත් ඔහු හුළඟ දැක භයවී, ගිලෙන්ට පටන්ගෙන: ස්වාමිනි, මා ගැළෙවුව මැනවයි මොරගැසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 එහෙත්, ඔහු මාරුතය වේගවත් බව දැක, බිය වී ගිලෙන්න පටන්ගෙන, “ස්වාමීනි, මා බේරාගත මැනවැ”යි මොරගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

30 එහෙත් සුළඟ දැක, ඉන් බයපත් වූ ඔහු ගිලෙන්නට වී, “ස්වාමිනි, මා ගලවා ගත මැනව” යි මොර ගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 එහෙත්, ඔහු මාරුතය වේගවත් බව දැක, බිය වී ගිලෙන්න පටන්ගෙන, “ස්වාමීනි, මා බේරාගත මැනවැ”යි මොරගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 14:30
17 හුවමාරු යොමු  

නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව හිඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය දුර්වලයයි කීසේක.


ස්වාමිනි, නැගුටුණ මැනව; මාගේ දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව. මක්නිසාද ඔබ මාගේ සියලු සතුරන්ගේ කන්සයට ගැසූසේක; දුෂ්ටයන්ගේ දත් බින්දසේක.


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල හමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු: අහෝ ස්වාමිනි, අපි මක්කරමුදැයි ඔහුට කීය.


එන්නැයි උන්වහන්සේ කීසේක. එවිට පේතෘස් ඔරුවෙන් බැස, යේසුස්වහන්සේ වෙතට යන පිණිස වතුරු පිට පයින් ගියේය.


එකෙණෙහිම යේසුස්වහන්සේ අත දිගුකොට ඔහු අල්ලාගෙන: ඇදහිලි මඳ තැනැත්ත, කුමක් නිසා සැකවූයෙහිදැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්