Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 14:23 - Sinhala Revised Old Version

23 උන්වහන්සේ සමූහයන් යැවූ පසු, යාච්ඤාකරන පිණිස වෙන්ව කන්දට ගියසේක. සවස් වූ කල්හි උන්වහන්සේ එහි තනියම සිටිසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 උන් වහන්සේ ජනකාය යැවූ පසු, යාච්ඤා කරන පිණිස වෙන් ව කන්දට වැඩිය සේක. සවස් වූ කල්හි උන් වහන්සේ තනි ව එහි සිටි සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 සමූහයා පිටත යැවූ පසු උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, තනිව කන්දට නැගුණු සේක. සවස් වූ කල උන්වහන්සේ එහි සිටියේ තනිව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 උන් වහන්සේ ජනකාය යැවූ පසු, යාච්ඤා කරන පිණිස වෙන් ව කන්දට වැඩිය සේක. සවස් වූ කල්හි උන් වහන්සේ තනි ව එහි සිටි සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 14:23
11 හුවමාරු යොමු  

තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාච්ඤාකරන පිණිස කන්දකට ගොස් දෙවියන්වහන්සේට යාච්ඤාකරමින් මුළු රාත්‍රිය ගතකළසේක.


උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්වූ පසු, යාච්ඤාකරන පිණිස කන්දට ගියසේක.


එකල යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගෙත්සෙමනය කියන ස්ථානයට පැමිණ: මා අතනට ගොස් යාච්ඤාකරන අතර නුඹලා මෙහි ඉඳින්නැයි තමන් ගෝලයන්ට කීසේක.


නුමුත් නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාකදෙනසේක.


අපි වනාහි යාච්ඤාවෙහිද වචනයේ මෙහෙකිරීමෙහිද ස්ථිරලෙස යෙදී සිටින්නෙමුයයි කීවෝය.


තවද මේ වචන කියා අට දවසකට පමණ පසු උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යාකොබ්ද කැඳවාගෙන යාච්ඤාකරන පිණිස කන්දට නැගුණුසේක.


උදය පහන්වෙන්ට බොහෝ ප්‍රථමයෙන් උන්වහන්සේ නැගිට වනාන්තර ස්ථානයකට පිටත්ව ගොස්, එහිදී යාච්ඤාකළසේක.


තවද සියලු සෙනඟ බව්තීස්මය ලැබූවිට යේසුස්වහන්සෙත් බව්තීස්මය ලැබ, යාච්ඤාකරන කල, අහස විවරවී,


නුමුත් උන්වහන්සේ වනාත්තර ස්ථානවලට අහක්ව ගොස් යාච්ඤාකළසේක.


ඉන්පසු උන්වහන්සේ තනියම යාච්ඤා කරද්දී ගෝලයෝ උන්වහන්සේ සමඟ සිටියෝය. එවිට උන්වහන්සේ: මා කවුරුය කියා මනුෂ්‍යයෝ කියද්දැයි ඔවුන්ගෙන් ඇසූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්