Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 14:15 - Sinhala Revised Old Version

15 සවස්වූ කල ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: මේක කාන්තාර ස්ථානයක්ය, දැන් වේලාවද ඉක්මගොස් තිබේ; සමූහයා ගම්වලට ගොස් තමුන්ට කෑම මිලදී ගන්නා පිණිස ඔවුන් යන්ට හැරිය මැනවයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සවස් වූ කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත; ගම්වලට ගොස්, කෑම මිලට ගන්නා පිණිස, සමූහයා යන්න හැරිය මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

15 සවස් වූ කල, උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “මේක පාළු පෙදෙසක්; දැනටත් හොඳටම පමා වෙලා. එනිසා අසල ගම්වලට ගොස්, ඔවුන්ට ආහාර මිලට ගන්නට හැකි වන පිණිස ජනයා පිටත් කර හරින්නැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සවස් වූ කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත; ගම්වලට ගොස්, කෑම මිලට ගන්නා පිණිස, සමූහයා යන්න හැරිය මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 14:15
7 හුවමාරු යොමු  

නුමුත් උන්වහන්සේ ඈට වචනයකින්වත් උත්තරයක් දුන්නේ නැත. උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්: මෑ අප පස්සේ මොරගසන බැවින් යන්ට හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.


සවස්වෙන්ට පටන්ගත් කල දොළොස්දෙනා උන්වහන්සේ ළඟට ඇවිත් කථාකොට: මෙහි වනාන්තර ස්ථානයක අප සිටින බැවින් වටකර තිබෙන ගම් හා නියම්ගම්වලට ගොස් නවාතැන්ද කෑමද සපයාගන්ට සමූහයා හැරිය මැනවයි කීවෝය.


ඔවුන් තමුන්ගේ ගෙවලට නිරාහාරයෙන් යන්ට හැරියෙම් නම් ඔවුන් මාර්ගයේදී ක්ලාන්තවෙනවා ඇත; ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිතියි කීසේක.


යේසුස්වහන්සේ ඒ අසා එයින් පිටත්ව, ඔරුවකින් කාන්තාර ස්ථානයකට වෙන්ව ගියසේක. සමූහයෝ ඒ අසා නුවරවලින් පිටත්ව ඇවිත් උන්වහන්සේ පස්සේ පයින් ගියෝය.


උන්වහන්සේ නික්මවිත්, මහත් සමූහයක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පාවී, ඔවුන්ගේ රෝගීන් සුවකළසේක.


ඔවුන් යන්ට කමක් නැත; නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්